Gossip

“මේ කෙල්ල දැන් ඉන්නෙ පස්වෙනි මිනිහා එක්ක, හතරවැනියා බැන්දා විතරයි දාලා ගියා”

අම්මා කෙනෙක් තමන්ගේ දරුවව උස් මහත් කරන්න මොන තරම්නම් කැපකිරීමක් කරනවද..?
ඒ කැපකිරීම කවදාකවත් මිල කරන්න බැහැ.
ලේ කිරිකරන ඒ අම්මාගේ සෙනෙහස තරම් වටින සෙනෙහසක් තවත් මේ ලෝකේ නැහැ.
ඒත් මේ අම්මට නොසලකන දරුවෝ කොයිතරම්නම් මේ සමාජයේ ජීවත්වෙනවද..?
ඒ විදිහේ දරුවෙක් තමන්ගේ අම්මට පහරදුන්නු සිද්ධියක් ගැන කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා සිය මුහුණුපොතේ සටහන් කර තිබුණා.

මේ එම සටහනයි…

දුන් මව් කිරට නය ගෙවා……. සපා කෑ රුධිරය…….
අද පෝදා…..
උදේන්ම හදිසි අනතුරු අංශයට පැමිනි ඇයගේ වයස අවුරුදු 56 යි…….
ඒත් පෙනුම දිස්වූයේ 75 කටත් වඩා වැඩි ලෙසයි

ඇය අත් දෙක පෙන්නුවා – එයින් ලේ ගලනවා – පොඩි දුව කටින් හැපුවේ
නලල පෙන්නුවා – එය තඩි ගැහිලා – දුව පොල්ලෙන් ගැහුවේ
තොල පෙන්නුවා – එය පැලිලා නිල්පාට වෙලා – දුව අතමිට මොලවලා ගැහුවේ
කකුල පෙන්නුවා – එය ලෙලි ගිහින් – දුව ගෙදරින් ඇදලා දැමිමේ
සියල්ල අසා සිටි අපගේ සිතුවිලි එක තැන පොදි ගැසී නැවතුනි……….

ඇය නැවතත් නොනනවත්වාම කථා කරනවා……
මේ කෙල්ල දැන් ඉන්නෙ පස්වෙනි මිනිහා එක්ක….
පළවෙනියාගෙන් එක දුවෙක්
දෙවෙනියාගෙන් දුවයි පුතයි
තුන්වෙනියාගෙන් දුවෙක්
හතරවෙනියා බැන්දා විතරයි දාලා ගියා
දැන් මේ පස්වෙනියා……
ඉතින් මිස් මට කට වහන් ඉන්න පුලුවන්ද ????????
මුන් ඔක්කෝටම කන්න දෙන්නත් ඕන මං ?????
එය නම් පෝදා ………..කතාවක් වැනිය……….
මම මාගේ සුසුමකට ඉඩ හැරියෙමි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!