Gossip

ලොවම කැළඹූ සෙල්ෆි වීඩියෝ අනතුරේ සැඟවුණු කතාවක් එළියට – ඇත්තටම වෙලා තියෙන දේ මෙන්න – වීඩියෝ

සෙල්ෆි වීඩියෝවක් ගැනීමට ගිය තරුණයෙකු දුම්රියේ ගැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ගැන ලොව පුරා අවධානය යොමුවුණා.
ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවරින් වාර්තා වූ මෙම සිද්ධියෙන් අදාල තරුණයා බරපතල තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
දැන් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අදාල වීඩියෝව ව්‍යාජ ලෙස සකස් කරන ලද වීඩියෝවක් බවයි.
එම සිද්ධියට මුහුණ දුන් තරුණයා කායවර්ධන මධ්‍යස්ථානයක උපදේශකයෙකු ලෙස සේවය කරන බවත් මෙලෙස ව්‍යාජව සැකසූ වීඩියෝව ගැන අදහස් දක්වන වීඩියෝවක් මාධ්‍යවේදිනියක් විසින් ට්විටර් ගිණුමට එක්කර තිබෙන බවත් සඳහන් වනවා.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර අදාල තරුණයා අත්අඩංගුවට ගනු ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!