Gossip

මාස 09ක බිළිඳාට කන්නවත් නොදී සතියක කාලයක් නිවසක සිර කර මරා දැමූ 17 හැවිරිදි මවක් -සමාජජලා කැළඹූ පුවත මෙන්න

තමන්ගේම කුසෙන් වදාපු දරුවා ගැන කිසිම සැලකිල්ලක් නොදැක්වීම නිසා එම දරුවා මියයාමට සැලැස්වීමේ චෝදනාව මත 17 හැවිරිදි මවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සතියක පමණ කාලයක් මාස 09ක් පමණ වයසැති මේ බිළිඳා තනිව සිට ඇති අතර එම සතිය ඇතුලත කිසිම ආහාරයක් හෝ නොමැතිව ඒ කාලය තුළ ඇතිවූ කුසගින්න සහ විජලනය හේතුවෙන් මෙම දරුවා මියගොස් තිබෙනවා.

අදාළ සතිය තුළ එම කාන්තාව දොර අගුලු දමා මිතුරන් සමග සාදයකට ගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ.

මේ සිද්ධිය වාර්තා වන්නේ රුසියාවෙන්.

කෙසේවෙතත් රුසියානු අධිකරණය විසින් අදාළ කාන්තාවට වසර 06 හමාරක සිර දඬුවම් නියම කර ඇති බවටයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

අධිකරණයෙන් ඇයට සිර දඩුවම් නියම කිරීමෙන් අනතුරුව ද ඇය හැගීම් විරහිතව සිට ඇති බවටද වාර්තා වනවා.

එරට ආරක්ෂක අංශ අධිකරණයේදී ප්‍රකාශකර තිබෙන්නේ මාස 9 ක් වයසැති බිළිඳා ඝාතනය කිරීමට මෙම තරුණිය සැලසුම් කර ඇත්තේ ඇය නව අධ්‍යාපන ආයතනයකට ඇතුලත්වීමත් සමග බවයි.

සිය මිතුරන් සමග සාදවලට සහභාගී වීමට යාමේ දී දරුවා කාමරයේ තබා දොර අගුලුලා යන බව ඇය සඳහන් කර තිබෙනවා.

මෙම තරුණියගේ සැමියා ආරක්ෂක හමුදාවට බැඳීම හේතුවෙන් දරුවා රැක බලා ගැනීමේ වගකීම ද පැවරී තිබුණේ ඇයටයි.

කෙසේවෙතත් මෙම සතියක කාලය තුල 17 හැවිරිදි තරුණ මව යළි නිවසට පැමිණ ඇතත් ඒ පැමිණ ඇත්තේ සිය සුරතල් සුනඛයාට ජලය ලබාදීමටයි. එම අවස්ථාවේ දී හෝ ඇය සිය බිළිඳා පිළිබඳ සොයා බැලීමක් සිදුකර නැහැ.

මේ සිද්ධිය ගැන රුසියාවේ සමාජමාධ්‍ය මගින් දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙන අතර බොහෝ දෙනෙක් සඳහන් කර ඇත්තේ එම දරුවා ඝාතනයට ලබාදුන් මෙම සිර දඩුවම කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!