මියගිය තරුණියට දින 11 කට පසු නැවත පණ ආ පුවතක් ගැන බ්‍රසීලයෙන් වාර්තා වනවා.
හෘදයාබාධයකින් මියගිය බව කියන මෙම 37 හැවිරිදි කාන්තාව මිනී පෙට්ටියක දමා තැන්පත් කර අවසන් කටයුතු සිදුකර තිබෙනවා.
ඇගේ මිනීවල දෙසින් ශබ්දයක් ප්‍රදේශවාසීන්ට නිතරම ඇසී තිබෙනවා.
මේ ගැන පවුලේ ඥාතීන්ට දැනුම්දී මිනීවල විවෘත කර බැලීමේදී හෙළිවී ඇත්තේ මෙම කාන්තාව ජීවත්වන බවයි.
ඇය මිනීපෙට්ටියෙන් ඉවත්වීමට උත්සහ දරා ඇතිබවට සාක්ෂිද ලැබී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා.
මිනීපෙට්ටියෙන් ගොඩ ගත් මෙම කාන්තාව සුළුවේලාවකින් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඒ දින 11 ක් පුරා කිසිදු ආහාරයක් නොමැතිවීම හේතුවෙන්..
පසුගිය ජනවාරි 8 වැනිදා මෙම කාන්තාව බ්‍රසීලයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි වෛද්‍යවරුන් විසින් මෙම කාන්තාව මියගොස් බවට පවසා ඇත්තේ.
වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා සිදුවූ මෙම මරණය සම්බන්ධයෙන් පොලිසියටද පැමිණිලි කර ඇති බවයි ඥාතීන් පවසන්නේ.
