Gossip

අගමැති කවුද..? අලුත් රජය කාගෙද..? සියලු තොරතුරු මෙන්න

දවස්වල හැමතැනින්ම වගේ ඇහෙන්නේ කවුද අගමැති කියන කාරණාව.
ඒ වගේම ආණ්ඩුව පිහිටුවන්නේ කවුද, යහපාලන ආණ්ඩුව මේ විදිහටම තියෙනවද කියන කාරණා ගැනත් හැමෝම වගේ ලොකු අවධානයකින් තමයි ඉන්නේ.
මේ හැම ගැටලුවක්ම ඊයේ නිරාකරණය වුණා කියලත් වාර්තා වනවා.
මේ දේශපාලන ලෝකයේ අලුත්ම තොරතුරු කිහිපයක්.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ කටයුතු කිරීමටත් කැබිනට් මණ්ඩලය අලුත් කිරීමටත් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මේ සියලු සංශෝධන ලබන බ්‍රහස්පතින්දා සිදුකිරීමටත් නියමිතව ඇති බව සඳහන්.
එමෙන්ම නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති කිරීමට ගත් උත්සහ අසාර්ථක වීමත් සමඟ සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු විපක්ෂයට එක්වීමට සූදානමක් ඇති බවද වාර්තා වනවා.
එමෙන්ම සාගර රත්නායක මහතාගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ නීතිය හා සාමය අමාත්‍යාංශය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදිය යුතු බවට ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවටද පුවතක් වාර්තා වනවා.
යහපාලන ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාමට ජනපතිට හා අගමැතිවරයාට සහයෝගයෙන් කටයුතු කරන ලෙස තවද විදෙස් තානාපති කාර්යාලවලින් දැනුම් දී ඇතිබවද සඳහන්.
මෙම අවස්ථාවේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ගැටලු විසඳා ගැනීම වඩාත් යෝග්‍ය බවත්, ඒ අනුව ජනාධිපතිවරයාටත් පක්ෂයෙන් එල්ලවී ඇති අභියෝගවලින් ආරක්ෂාවීමට සිදුව ඇති බවද අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා.
තවද කුමන තත්ත්වයකදී වුවද තම කටයුතු ඉදිරියට කරගෙන යාමට තමා සූදානම් බව අගමැතිවරයා විසින් ජනාධිපතිවරයාට පොරොන්දුවී තිබෙන බවද සඳහන් වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!