මාකඳුරේ මධුෂ්ට රුපියල් කෝටි දාහකට ආසන්න මුදලක් සහ දේපළත් තිබෙන බව ඔහුගේ සමීපතම ගෝලයා වූ අත්අඩංගුවට පත් කැලූම් ඉන්දික සම්පත් යන අය පොලිසියට තොරතුරු අනාවරණය කළ බවට වාර්තා වනවා.
මෙම විශාල මුදල් ප්රමාණය සහ දේපළ මාකඳුරේ මධුෂ්ගේ සමීප හිතවතුන්ගේ නම්වලින් පවතින බවටද පැවසෙනවා.
මේ අනුව ඉදිරියේදී මාකඳුරේ මධුෂ් ශ්රී ලංකාවට එවූ පසු ඔහුගෙන් ප්රශ්න කිරීමෙන් අනතුරුව ඔහුගේ හිතවතුන් පිරිසද අත්අඩංගුවට ගන්නා බවට සඳහන් වනවා.
මාකඳුරේ මධුෂ්ගේ ගෝලයා වූ කැලූම් ඉන්දික සම්පත් සමීපව ඇසුරු කළ සහකාර පුස්තකාලාධිපතිවරිය අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙනකවා.
මාකඳුරේ මධුෂ්ගේ උපදෙස් පරිදි කොල්ල කෑ රුපියල් කෝටි 700 ක් පමණ වටිනා දියමන්තිය පොලිස් කණ්ඩායම්වලට සොයා ගැනීමට හැකි වූයේ කැලූම් ඉන්දික සම්පත්ගෙන් ප්රශ්න කිරීමෙන් පසුවයි.
