අපේ රටේ මහා මාර්ග පද්ධතිය තුල සිදුවන විවිධ රථවාහන වැරදි හඳුනා ගනිමින් ඊට නීතිය ක්රියාත්මක කිරීම සඳහා ආර්.එෆ්.අයි.ඩී. තාක්ෂණය හඳුන්වාදීමට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.මේ මගින් මහා මාර්ග තදබදය ගැන තීරණ ගැනීමට හා එය කළමනාකරණය කිරීමටද හැකියාව ලැබෙනු ඇති බවයි සඳහන් වන්නේ.
රේඩියෝ ටැග් හෙවත් RFID චිපයක 2000 byte ක් හෝ ඊට අඩු දත්ත ප්රමානයක් රඳවා තබා ගැනීමේ හැකියාව තිබෙනවා. මෙසේ තොරතුරු රදවා තබා ගන්නා චිපය වාහනයක ඉදිරිපස හා පසුපස වීදුරුවලට අලවන ස්ටීකරයට ඇතුලත් කිරීමක් සිදුවනවා. scanning antenna මගින් නිකුත් කෙරෙන රේඩියෝ තරංග හා ගැටුණු විට මෙය ක්රියාත්මක වීම ආරම්භ වී චිපයේ ඇති තොරතුරු ලබාගැනීමේ හැකියාව තිබෙනවා.
මෙහිදී වාහනයක ඉදිරිපස හා පසුපස වීදුරුවලට අලවන ස්ටීකරයට ආර්.එෆ්.අයි.ඩී. ටැග් ඇතුළත් කරන අතර පසුව එය කියැවීමේ උපකරණ මහා මාර්ගයේ සවිකරනු ලබනවා. ඒ අනුව එම කියැවීමේ උපකරණ මේ වන විටත් මාර්ගයන්හි සවි කිරීම ආරම්භ කර තිබෙනවා.
ආර්.එෆ්.අයි.ඩී. තාක්ෂණය ක්රියාත්මක වන අයුරු දැක්වෙන වීඩියෝවක් සහ ඡායාරූප පහතින්
