Gossip

දූවිලි කුණාටුවෙන් 125ක් මරුට – තවත් කුණාටුවක් එන්න පුළුවන් බවට අනතුරු ඇඟවීමක්

ඉන්දියාවට බලපෑ දූවිලි කුණාටු තත්ත්වය හේතුවෙන් 125ට අධික පිරිසක් මියගොස්, 200 අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා.

මෙම දූවිලි කුණුටුවෙන් වැඩිම හානිය සිදුව ඇත්තේ රාජස්ථාන් සහ පන්ජාබ් ප්‍රාන්තයටයි.එම ප්‍රාන්ත වලින් පමණක් මරණ 111ක් වාර්තා වී තිබෙනවා.

කුණාටුව සමග විදුලි පද්ධති බිද වැටී විදුලිය කාන්දු වීම, ගස් නිවාස වෙත කඩා වැටීම හා නිවාස විනාශවීම් රාශියක් වාර්තාවී ඇති අතර ඇතිවූ තද සුළඟ සහ අධික වාර්ෂාව බහුතර මරණ හා තුවාල සිදුවීම් වලට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

පීඩාවට පත්වූවන් සඳහා හැකි ඉක්මණින් අවශ්‍ය සහන ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.

තවත් කුණාටුවක් ඇති වීමේ ඉඩකඩක් පවතින බැවින් අදාළ ප්‍රදේශවලින් මේවන විට ජනතාවට ඉවත් වීමට එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!