Gossip

මේ දවස්වල රස්නේ වැඩියි නේද? එහෙනම් සැළකිල්ලෙන් ඉන්න – කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කියපු කතාව මෙන්න

දිවයිනට බලපාන උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා අනූෂා වර්ණසූරිය කියා සිටියේ පොළොන්නරුව, අනුරාධපුර, වව්නියාව, මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කවල ජනතාව ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතු බවයි.

මේ අතර, පවතින උණුසුම් කාලගුණ තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න කියා සිටියේ වැඩි වශයෙන් ජලය පානය කිරීම මෙන්ම තද පැහැති ඇඳුම් ඇදීමෙන් වැළකීමෙන් මෙම තත්ත්වය මඟ හරවා ගත හැකි බවයි.

මේ අතර හෙට (05) දිනයේ දී වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි ඇතැම් ප්‍රදේශවල උණුසුම් කාලගුණය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!