මහරගම පොලිස් ස්ථානයේ සේවය කළ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙක් සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.
අද පෙරවරුවේ මහරගම පොලිස් ස්ථානයේ ආපනශාලාව අසළදී ඔහු සිය හිසට වෙඩි තබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පොලිස් කොස්තාපල්වරයා වයස අවුරුදු 29ක් වූ අනුරාධපුරයේ පදිංචි මනෝජ් දිසානායක නැමැති අයෙක්.