මහනුවර ජාතික රෝහලට අනුබද්ධිත රෝහල් පොලිසියේ රාජකාරියේ නියුතුව සිටි උපපොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට අද (16) තහවුරු වී තිබේ.
ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ පොලිස් ඒකකය වසා දමා එහි රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් 11දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ .
රෝහල් පොලිසිය සම්පූර්ණයෙන් විසබීජහරණයට ලක් කිරීමෙන් අනතුරුව වෙනත් නිලධාරීන් යොදවා හැකි ඉක්මනින් එය නැවත විවෘත කරන බව මහනුවර පොලිස් මූලස්ථානයේ ඉහළ නිලධාරියකු සඳහන් කරයි.