Gossip News

එකම පවුලේ පස්දෙනෙක් එල්ලුම්ගහට

හෝමාගම හබරකඩ ප‍්‍රදේශයේ දී ඉකුත් 2009 වර්ෂයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයකදී වරදකරුවන් වූ එකම පවුලේ පස් දෙනකුට හෝමාගම මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (15)දා මරණීය දණ්ඩනය නියම කළේය.

පැ‍්‍රන්සිස් රත්නසේකරලාගේ ඉසංග සමීර සිල්වා නැමැති තරුණයෙකුට 2009 වර්ෂයේ ඔක්තෝබර් මස 09 වන දින පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකින් පසුව විත්තිරුවන් ඝාතනයට වැරදිකරුවන් බවට සාධාරණ සැකයකින් තොරව ඔප්පු වීමන් පසු විනිසුරුවරයා චූදිතයින්ට මරණීය දණ්ඩනය නියම කළේය.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ හෝමාගම” හබරකඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන කෝරළගේ අරුණ දර්ශන ප‍්‍රියංකර (නොහොත් රාජු) කෝරළගේ කරුණාරත්න (නොහොත් සුදා)” කෝරළගේ සුසිල්” කෝරළගේ නලින් රංජිත්” කොරලගේ කුසුම් නවරත්න” අජිත් කුමාර ජයසිංහ නැමැති පිරිමි පුද්ගලයින් පස්දෙනෙකුටය.

දිවයින

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!