මස්කෙළිය ප්රාදේශීය සභාවේ සභාපති වරයා තේරීම අදට යෙදී ඇති අතර එම සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වූ මන්ත්රීවරියක් සභාවට නොපැමීණීම මුල් කොට දැඩි උණුසුම්කාරී තත්වයක් හටගෙන තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී පලනි දිගම්බරන් මහතාගේ අධාර කරුවන් ප්රකාශ කරනුයේ එම මන්ත්රීවරිය පැහැරගෙන ගොස් සඟවා ඇති බවයි.
එහෙත් ඇයට සැබවින්ම කුමක් වී ද යන්න පිළිබඳව මේ දක්වා තොරතුරුක් ලැබී නොමැති අතර තත්වය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්ධන ඒකකය කැඳවීමටත් කඳුළු ගෑස් ප්රහාර එල්ල කිරීමටත් පොලීසියට සිදුව තිබෙනවා.