Gossip

2023 ලෝක කුසලානය ලංකාවට – ඉන්දියාව කුපිත කරමින් එරට ප්‍රබල ජෝතිර්වේදියෙකු කිව්ව අනාවැකිය මෙන්න

2023 ඉන්දියාවේ පැවැත්වීමට ලෝක කුසලාන තරගාවලියේ තරග ශ්‍රී ලංකාවේද පැවැත්වීමට තවම තීරණයක් ගෙන නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසනවා.

ඔවුන්ගේ තීරණය වී ඇත්තේ 2023 න් පසුව ශ්‍රී ලංකාවට පමණක් ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීමට අවසර ලබා දීමය.

කෙසේ වෙතත් මෙලෙස ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත 2023 ක්‍රිකට් ලෝක කුසලානය පිළිබද අනාවැකියක් නිසා ඉන්දියාව ජෝතිර්වේදියෙකු සමග අමනාපයෙන් පසුවෙන බව වාර්තා වනවා.

සුරේෂ් ශ්‍රීමාලි නම් මෙම ජෝතිර්වෙදියා ඉන්දියාව තුල හොදම ජෝතිර්වේදීන් 10 දෙනා අතර සිටින්නෙකි.

ඔහු පවසන්නේ 2023 ඉන්දියාවේ පවත්වන ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාව ජය ගන්නා බව අනාවැකියක් වශයෙන් ප්‍රකාශ කරන බවය.

මෙම ප්‍රකාශය නිසා ඉන්දියාව තුල ඔහු තරමක් දුරට අප්‍රසාදයට පත්ව තිබෙන බවත් වාර්තා වනවා.

කෙසේ වෙතත් ඔහු මෙම ප්‍රකාශය එමනිසා ඉවත් කර ගැනීමට බලාපොරොත්තුවක් නැතැයිද වාර්තා වනවා.

මිට පෙර ඉන්දියාවේ පැවතී මැතිවරණයේදී ඉන්දියාවේ අගමැතිවරයා ලෙස නරේන්ද්‍ර මෝදී පත්වන බවටද ඔහු අනාවැකියක් පළකර අතර එය ඒ අකාරයෙන්ම සිදු විය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!