ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පිහිටි දෂ්ත්ඊබාර්චි රෝහලේ මාතෘ වාට්ටුව වෙත ත්රස්තවාදීන් පිරිසක් පසුගිය අඟහරුවාදා (මැයි 12) කඩා වැදිණි. අලූත උපන් දරුවන්, මව්වරුන් සහ හෙදියන් ඇතුළු විසි හතර දෙනෙකු එහිදී ඔවුන් විසින් මරා දැමීය.
මෙසේ මරා දැමුණු මව්වරුන්ගේ දරුවන්ට කිරි මවක් වූ කතක් පිළිබද තොරතුරැ බිබිසිය වාර්තා කර තිබිණි. විසි හත් හැවිරිදි මනෝචිකිත්සකවරියක වන ෆිරූසා ඕමාර් මේ උතුම් කාර්යය සිදු කරන්නීය.
”මම, මගේ දරුවට කිරි දෙමින් හිටියේ. මා ඒ මොහොතේ හැඟීම් බර වුණා. අනෙක් අත දරුවන්ගේ විදින දුක මට දැනුණා,” යනුවෙන් විසි හත් හැවිරිදි මනෝචිකිත්සකවරියක වන ඇය පවසන්නීය. සිව් මසැති පිරිමි දරුවෙකුගේ මවක වශයෙන් තමාට අනන්‍ය උපකාරයක් කිරීමට ඕ සිතට ගත්තාය. ඉක්බිතිව සිය පුතු වෙනුවෙන් කිරට හැරුණු ලෙය, කිරට හඬන තවත් දරුවන් වෙනුවෙන් ලබා දීමට ඇය ස්වේච්ඡුාවෙන් ඉදිරිපත් විය. ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල ලැබූ මව්වරුන්ගේ දරුවන්ට ඇය කිරි මවක වූයේ ඒ අනුවය.
”මම රෝහලට ගිය විට අත දරුවන් විසි දෙනෙක් පමණ දැක්කා. සමහර ළමයින්ට තුවාල වෙලා තිබුණා,” යනුවෙන් ෆිරූසා සිය අත්දැකීම විස්තර කළාය. වෛද්‍ය කාර්ය මණ්ඩලය දරුවන්ට පිටි කිරි පෙවීමට උත්සහ කර ඇතත් ඇතැම් විට එම උත්සහය සාර්ථක වී නොමැති බව ඇය කියා සිටී.
”මම එහි සිටි නර්ස්ලට කතා කළා. වැඩියෙන් ම අඬන බබාලට කිරි දෙන ලෙස ඔවුන් මට කීවා.” පළමු රාත්‍රියේ ඇයට මව් කිරි දීමට හැකිව ඇත්තේ පිළිවෙළින් දරුවන් සිව් දෙනෙකුට පමණි. ”එමගින් යම් කිසි සන්සුන් බවක් මා තුළ ඇති කළා. ඔවුන්ට හව්හරණක් වෙන්න හැකිවීම ගැන මට සතුටක් දැනුණා.” ඉන් පසු දින කීපය තුළ ඇය තම පුතුට නිවසේදී කිරි දෙන අතරේ රෝහලට ගොස් වාට්ටුවේ සිටින සෙසු දරුවන්ට ද කිරි දුන්නාය.
