පාස්කු ඉරිදා දිනයේ දේවස්ථාන හා හෝටල් සංකීර්ණ ආශ්‍රිතව ප්‍රහාර මාලාව සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදු කළ එක් පුද්ගලයෙකු ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හදාරා ඇති බවට එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් තහවුරු කර තිබෙනවා.
සැකකරු අධ්‍යාපන වීසා මත ඔස්ට්‍රේලියාවේ රැඳී සිට ඇති අතර 2013 වසරේදී එරටින් පිටත්ව ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් සඳහන් කළා.
කෙසේවෙතත් එම පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කෙරෙන බැවින් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ප්‍රකාශ කළ නොහැකි බව එරට අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.
මේ අතර මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගෙන් එක් අයෙකු බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබා ඇති බවට බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ විසින් ද තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් නමැති එම පුද්ගලයා 2006–2007වසර වල බ්‍රිතාන්‍යයේ රැඳී සිටිමින් අධ්‍යාපන කටයුතුවල නිරත වී ඇති බවයි වාර්තා වන්නේ.