Gossip

සැකකටයුතු පාර්සලයක් නිසා විවාහ උත්සවයක පිරිසක් නොසන්සුන් වෙයි – ඡායාරූප

දඹුල්ල නගරයේ හෝටලයක් තුළ මංගල උත්සවයක් පැවැත්වෙන අතරතුර සැකකටයුතු පාර්සලයක් ඇති බවට ලද තොරතුරක් මත සීගිරිය ගුවන් හමුදා කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිළධාරීන් විසින් ආරක්ෂිතව පරීක්ෂා කිරීමේදී එම පාර්සලය මල් වෙඩිල්ලක් බවට අනාවරණය කරගෙන තිබෙනවා.

එය මීට පෙර උත්සව අවස්ථාවක ගෙන ආ පාර්සලයක් වන අතර එම හෝටලයේ සේවයකයෙක් විසින් එය උත්සව ශාලාව තුළ සඟවා තබන්නට ඇති බවට පැවසෙනවා.

කෙසේවෙතත් මෙලෙස ඇතිවූ තත්වයත් සමග මංගල උත්සවයේ කටයුතුවලට බාධා එල්ලවීම නිසා මනාල යුවළ සහ හෝටල් හිමිකරු අතර බහින්බස්වීමක්ද සිදුවී තිබෙනවා. එම නොසන්සුන්තාවය පොලිසිය මැදිහත් වී සමතයකට පත් කර තිබෙන බවටත් වාර්තා වනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!