Gossip

මරණය සමඟ සිහිනයට පය තැබූ, කටුකුරුන්ද යතුරුපැදි ධාවන ශූරතා තරඟයකදී මාරක අනතුරට ලක්වූ තරුණයා අවසන් ගමන් යයි – Photos

2017 වසරේ කටුකුරුන්ද පැවති යතුරුපැදි ධාවන ශුරතා තරඟයකදී යතුරු පැදියක් ධාවනය කිරීමට ගිය අවස්ථාවේ තරුණයෙකු දරුණු ලෙස අනතුරට ලක්වූ පුවත ඔබටත් මතක ඇති.

එම වීඩියෝව ලංකාව පුරාම ප්‍රචලිත වුණේ එම තරුණයා ජීවිතය බේරාගැනීම නිසයි.

ඔහුගේ දිවි ගලවා ගැනීම පුදුම සහගත වුණා.

බරපතල තුවාල ලබා ජීවිතය ගලවාගත් කාමිල් යූසුෆ් නමැති තරුණයාගේ සිහිනය වූයේ යතුරු පැදි ධාවන ශුරයෙක් වීමයි.

ඒ සිහිනය සැබෑ කරගන්න ඔහු ඕස්ට්‍රේලියාවට ගොස් තිබුණා. එහිදී යතුරු පැදි ධාවන තරඟ රැසකට සහභාගී වුණා.

මරණය සමඟ සිහිනවලට පය තැබු කාමිල් යූසුෆ් නොසිතූ ලෙස යළිත් ඕස්ට්‍රේලියාවේ Clayton හිදී අනතුරට ලක්වුණා.

මෙම අනතුරින් කාමිල් යසුෆ් දිවියෙන් සමුගෙන තිබෙනවා.

මරණයට බිය නොවී තම යතුරු පැදි සිහිනය අත් නොහළ කාමිල් යූසුෆ් හොඳ මිතුරෙකු බව ඔහුගේ මිතුරන් පවසන්නේ.

ඔහුගේ අවසන් කටයුතු ඕස්ට්‍රේලියාවේදි සිදු කර ඇති බව වාර්තා වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!