Gossip

“දැන් තියෙන්නේ ඩිවෝස් වෙන්න තමයි. ආයෙත් පාරක් බඳින්නෙත් නෑ.” – ජනප්‍රිය නළු දසුන් පතිරණ සහ හංසිගේ ඩිවෝස් කතාව මෙන්න

දසුන් පතිරණ කියන්නේ රසික හදවත් ආදරයෙන් වැළඳගත් නළුවෙක්.
දසුන් සහ හංසි කියන ආදරණීය යුවළ ගැන පසුගිය දවස්වල වැඩිපුරම කතාවුණා.
ඒ ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම නිසා.
ඒ ගැනත් දසුන්ගේ ඉදිරි වැඩ ගැනත් සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

දසුන්ගෙයි හංසිගෙයි ජීවිතයේ වෙනසක් වුණා කියන්නේ ඇත්තද?
ඒක වෙනසක්ම නෙවෙයි. රට යන වැඩ වගේකට වීසා ගන්න ඕනේ වෙලා අපි දෙන්නා පොතේ අස්සන් කරලා විවාහ වුණා. එච්චරයි වුණේ.
මේක ප්ලෑන් කරලා කරපු දෙයක් නෙවෙයි. ළඟ හිටපු දෙන්නෙක්ව එක්ක ගියා ඉක්මනට අස්සන් කරන්න. ඒ වෙලාවේ හතර දෙනයි හිටියේ. රු. 5000ක් වගේ වියදම් වුණෙත් හරිම ලාභෙට විවාහය කරගත්තා. හරිම සිම්පල්.

පදිංචියටම රට යන්න අදහසක් තියෙනවද?
තාම ඒ ගැන අදහසක් නෑ. හැබැයි කියන්නත් බෑ. යනවා එනවා වගේ දේවල් තියෙයි.

දසුන් මුලින් නම් කිව්වේ නීතිමය බැඳීමක් ඕනේ නෑ කියලානේ?
ඔව්. දෙන්නෙක් ආදරය කරනවා නම් ඒකට කොළයක අස්සන් කරන්න ඕන වෙන්නේ නෑ. මට ඒක නිකන් ඩොකියුමන්ට් එකක අස්සන් කළා වගේ තමයි, කිසිම වෙනසක් නෑ.

ඔය දේ කරන්න හේතුව බිරියගේ බලකිරීමක් නෙවෙයිද?
මෙහෙමයි ගෑනු කොහොමත් හරි ආසයි බඳින්න. මෙයාටත් එහෙම එකක් තිබ්බා. බඳිමු කියලා කිව්වා. ඒ දේ කරන්න හරි තැන වෙනකන් හිටියා.

හංසිගේ අදහසට එකඟ වෙද්දී ඇය සතුටු වෙන්න ඇති?
එයා සතුටු වුණා. දැන් ඉතින් ඊළඟට මොනවද කරන්නේ කියලා තමයි කල්පනා කරන්නේ.
දැන් කසාද බැන්දනේ. ඊළඟට තියෙන්නේ ඩිවෝස් වෙන්න තමයි. හැබැයි ඩිවෝස් වෙන්න අදහසක් නම් නෑ.

දැන් ඉතින් ගැලවෙන්න ලේසි නෑ නේද?
ඔව් ලේසි නෑ. හැබැයි අවුලක් නෑ. මොකද අපිට වෙන් වෙන්න අදහසක් නෑ. ආයෙත් පාරක් බඳින්නෙත් නෑ. දැන් ළමයින්ගේ දේවල් එක්කනේ ඉන්නේ.

පවුලට අලුතෙන් අමුත්තෙක් එකතු වෙන්න යනවා කියන්නේ ඇත්තද?
ඔව්. මේ දවස්වල අලුතෙන් අමුත්තෙක් එකතු වෙන්න ඉන්නවා.

දැන් දුවෙක් ඉන්න නිසා පුතෙක්ටද කැමැති?
මම ආස කෙල්ලන්ට. ඊළඟට හම්බ වෙන්න ඉන්නෙත් කෙල්ලෙක් තමයි. මොකද අපේ ගෙදර මම විතරයි පිරිමි ළමයෙක්ට හිටියේ. අනිත් හැමෝම ගෑනු ළමයි. මගෙයි හංසිගෙයි බැඳීම ප්‍රබල වෙන්නෙත් ශයියා නිසා. එයා දැක්කම හැමදේම අමතක වෙනවා.

පසුගිය දවසක අනෝමා ජිනාදරී එක්ක අඩ නිරුවත් දර්ශන පෙළකට දසුන් පෙනී සිටියනේ. බිරියගෙන් ඒ වගේ දේවල්වලට තහංචි නැද්ද?
නෑ. එයා මුකුත් කිව්වේ නෑ. එහෙම වුණා නම් මීට කලින් මම එයාව අයින් කරනවා. මම ඇඳුම් ගලවන එක ගැන එයාට ප්‍රශ්නයක් නෑ. මම ඊට එහා දේවල් කරන්නේ නෑනේ. මම ඇයව බිරිය විදියට තෝරාගන්න හේතුවත් ඒක.

කෙළිලොල් චරිතවලින් පිට පනින්න දැන් දසුන්ට අවස්ථාව ලැබිලා නේද?
මම එකම චරිත රඟපාන්න ආස නෑ. වෙනසක් වෙනවා නම් ආසයි. ලව් බෝයි වගේ හැම එකකම රඟපාන්න, එක වගේ චරිත රඟපාන්න ආස නෑ. මගේ ඇක්ටින් එක ඇතුළේ සතුටක් ලබන්න මම කැමැතියි.

ලැබෙන ඕනෑම චරිතයක් බය නැතුව භාර ගන්න දසුන් කැමැතිද?
කරන්න පුළුවන් චරිතයක් නම් කරනවා.

කවදාහරි ඒ කරන චරිත තමන්ගේ දුවට දරා ගන්න පුළුවන් වෙයිද?
දැන් ඉන්න ළමයින්ට පුළුවන්. ශයියා කවදාහරි බය නැතුව කියයි මාව හැදුවේ බඳින්න කලින් කියලා. දැන් ඉස්සර කාලේ තිබුණු මත වෙනස් වෙලා තියෙන්නේ. මම ශයියාට නම දාද්දී වෙලාව බලලා නම දැම්මෙත් නෑ.
මගේ ජීවිතේ දේවල් ගැන වෙන අයට කියන්නෙත් නෑ. මට සෝෂල් මීඩියාවලින් බනිනවා මම දැකලා තියෙනවා.
මට ඒවා අදාළ නෑ. මම ඇත්ත කතා කරනවා. ඉතින් මම හිතනවා ශයියා ඒ දේවල් තේරුම් අරන් ජීවත් වෙයි කියලා.

ලාංකේය සිනමාව ඇතුළේ දසුන් ෆලෝ කරන කෙනෙක් ඉන්නවාද?
මහේන්ද්‍ර අයියාව තමයි මම ගොඩක්ම ෆලෝ කරන්නේ. තව අයත් ඉන්නවා. මහේන්ද්‍ර අයියාගේ ගාණටම එන්න බැරිවෙයි. හැබැයි ඒ වගේ වෙන්න හරි කැමැතියි.

අලුත් චිත්‍රපටවලට ආරාධනා ලැබුණද?
ලැබුණා. සමහර අවස්ථා අතහැරියා. මොකද ඒ සමහර ඒවා රඟපාලා වැඩක් නෑ. මම එහෙම ලොකුවට වැඩ කරන කෙනකුත් නෙවෙයි. තණමල්විල කොල්ලා, ගජමෑන් කියන ෆිල්ම්ස් එන්න තියෙනවා.

මියුසික් වීඩියෝවලත් දැන් පේන්න නෑ නේද?
මම මියුසික් වීඩියෝවල රඟපාන එක නවත්තලා දැන් අවුරුදු 1 1/2ක් විතර වෙනවා. මොකද මටම එපා වෙන්න ගත්තා. එකම ඇඩියාව. මිනිස්සුන්ටත් මාව එපා වෙන්න ගත්තා. හැබැයි හොඳ එකක් ලැබුණොත් කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!