Gossip

රසික හදවත් ආදරයෙන් වැළඳගත් පේෂලගේ ජීවිතයේ අලුත්ම කතාව මෙන්න – Photos

පේෂල මනෝජ් කියන්නේ රසික හදවත් ආදරයෙන් වැළඳගත්ත ජනප්‍රිය නිවේදකයෙක්.
ඔහු අලුත්ම වැඩක් පටන් ගන්න යනවා කියලා අපිට ආරංචි වුණා.
ඒ ගැන මේ විදිහට පේෂල සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණා.

මොකද්ද මේ තාධිං with legend ප්‍රසංගය කියන්නේ?
මේ ප්‍රසංගය සාම්ප්‍රදායික ප්‍රසංගවලින් ඔබ්බට ගිය වෙනස් ආරක ප්‍රසංගයක්. ගීතයෙන් තරමක් එහාට ගිය සංගීතය රසවිඳිය හැකි ප්‍රසංගයක්. එය නොවැම්බර් 9 වැනිදා ප.ව. 6.30ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන්න කටයුතු සුදානම් කරලා තිබෙන්නේ.

ඊට එහා ගිය විශේෂත්වයන් රැසක් මේ ප්‍රසංගයේ තිබෙනවා නේද..?
ඔව්, එකක් තමයි මගේ ගුරුතුමා ලක්නව් පරම්පරාවේ උස්තාද් ඉල්මාස් හුසෙයින් කාන් සමඟ ප්‍රසංගය පැවැත්වීම. අනෙක් කාරණය තමයි මෙයින් ශාස්ත්‍රීය සංගීතය එක්ක කොහොමද වෙන ක්‍රියේෂන් කරන්නෙ කියන එක පිළිබඳව දැනුවත් වෙන්න පුළුවන්.
ඒවගේම මේ ප්‍රසංගය සඳහා ශාස්ත්‍රීය සංගීතය, බටහිර ශාස්ත්‍රීය සංගීතය, ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය පුහුණු කළ සංගීතඥයන් කිහිපදෙනෙක්ම සහභාගී වෙනවා.
මම චන්දන වික්‍රමසිංහයන් සමඟ බැලේ එකක් කළා. එහි නන්දා මාලනී මහත්මිය ගායනා කළ ගීත සහ එහි මම කරපු නිර්මාණයත් මේ ප්‍රසංගයට ඇතුළත්.

ප්‍රසංගයට සහභාගිවන ලාංකික කලාකරුවන් කවුද කියලා මතක් කරමු?
රවිබන්දු විද්‍යාපති, ජනනාත් වරකාගොඩ, රඛිත, චන්දන වික්‍රමසිංහ ඇතුළු ප්‍රවීණයන් සහභාගි වෙනවා.

සංගීතය ඉගෙන ගන්න පිරිසටත් මේ ප්‍රසංගය වැදගත් වෙයි නේද?
ඔව්, ලංකාවේ ක්ලැසිකල් මියුසික් ඉගෙන ගන්නා අයට මේ ප්‍රසංගය ගොඩක් වැදගත් වේවි. අපට ඉගෙන ගන්නා දේවල් සමඟ සංගීතය විවිධ අංශවලට යොදා ගන්නේ කොහොමද කියන ආකාරය පිළිබඳව අවබෝධයක් ගන්න පුළුවන්.

බොහෝදෙනා සංගීතය හැදෑරීමට ඉන්දියාවට යන නිසා මගේ ගුරුතුමාගේ පැමිණීමත් ඔවුන්ට වැදගත් වේවි.
මේ දවස්වල වැඩි බර දෙන්නේ ප්‍රසංගයටද?

මේ දවස්වල ප්‍රසංගය සහ බෑන්ඩ් එකේ වැඩකටයුතු කරගෙන යනවා. ප්‍රසංගයේ වැඩ කටයුතුවල තමයි වැඩිපුර නියැළිලා ඉන්නේ. නිවේදන කටයුතුත් කරගෙන යනවා.
මේ වනවිට පේෂල ක්ෂේත්‍රයන් කිහිපයකටම සම්බන්ධයිනේ. වැඩිපුර කැමැති ක්ෂේත්‍රය මොකක්ද?
වැඩිපුර කැමැති සංගීත ක්ෂේත්‍රයට. හැම ක්ෂේත්‍රයක්ම හොඳයි. හැමදේම හොඳ විදියට කරගෙන යන එක තමයි වැදගත්. හැම ක්ෂේත්‍රයකටම මම කැමැතියි. සියලු දේම කලාවනෙ.

නිවේදන කටයුතුවලට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ප්‍රතිචාර නම් හොඳටම හොඳයි.

පසුගිය කාල සීමාවේ නිවේදන කටයුතු නිසා සංගීතය පැත්තෙන් ඈත් වුණාවත්ද?
එහෙම එකක් නැහැ. මම රැල්ලට යන්න කැමැති නැහැ. ඒ නිසා රැල්ලත් එක්ක එන සින්දු කරන්න ගියෙ නැහැ. සංගීත වැඩකටයුතු සාමාන්‍ය විදියට කරනවා.
අනෙක් කාරණය ගීත කලාව කියන එකමනෙ ලංකාවේ තියෙන්නේ. මියුසික් අහන්න තැනක් නැහැනෙ. මම කැමැති මියුසික් පැත්තට වැඩිපුර යොමු වෙන්න. ඉගෙන ගත්ත දෙයිනුත් ප්‍රයෝජනයක් ගන්න ඕනෙනෙ.

ඉදිරියේදී ගීත කරන්න බලාපොරොත්තුවක් නැද්ද?
බලාපොරොත්තුවක් තියෙනවා. හොඳ විදියකට අලුත් විදියට නිර්මාණ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!