ලොකු, කුඩා කා අතරත් ජනප්‍රියම ටෙලි සිත්තම තමයි සිදූ.
ලංකාවේ අංක එකේ ටෙලි නාට්‍ය ලෙස සිදූ ඉහළින්ම දිදුලන්නේ රසික හදවත් ආදරයෙන් වැළඳගනිමින්.
එහි දිලුම් සහ තෙරුණි අතර ආපු තුන්වැනියා විදිහට හදුන්වන්නේ අංජනා.
කවුද මේ අංජනා කියන්නේ..?
අංජනා එහෙමත් නැත්නම් කාවින්ද්‍යා දුල්ෂානිගේ අලුත්ම තොරතුරු ගැන දැනගන්න වෙබ් ගොසිප් අපි කාවින්ද්‍යාට කතා කළා.
කොහොමද ජීවිතේ..?
ජීවිතේ සුන්දරයි.. නියමයි.. ජීවිතේ ගලාගෙන යනවා..
මොනවද අලුත් විස්තර…?
ටෙලි නාට්‍ය කිහිපයකම වැඩ කටයුතු තමයි. වැඩි කාලයක් වෙන්වෙන්නේ සිදූ ටෙලි නාට්‍ය වෙනුවෙන්.
සිදූ ටෙලි නාට්‍ය හරහා ඔබට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා නේද..?
ඔව්… සිදූ නිසා තමයි මාව හුඟක් අය දැනගත්තේ..
හැබැයි තෙරුණියි, දිලුම් අතරට ආපු තුන්වැනියෙක් විදිහට අංජනාට අකමැති පිරිසකුත් ඉන්නවා නේද..?
ඔව්… ඒකනම් ඇත්ත.. වැඩිපුරම ප්‍රතිචාර විදිහට ලැබෙන්නේ බැනුම් තමයි.
ආදරේ කියන හැඟීම කොයි විදිහටද දැනෙන්නේ..?
ආදරේ කියන හැඟීම එක එක විදිහට දැනෙනවා.. ආදරේ කියන්නේ සුන්දර හැඟීමක්.
ඒ කියන්නේ ඔබ ආදරවන්තියක්..?
තවම නැහැ… තවම මම තනිකඩයි.. පුරප්පාඩු තියෙනවා මේ දවස්වල..
සාරංග, ධනුක, සංගීත් සතරසිංහ හරි විවාහ යෝජනාවක් ගෙනාවොත් කාටද කැමති වෙන්නේ..?
ධනුකට තමයි මම කැමැත්ත දෙන්නේ.. මම ධනුකව විවාහ කරගන්නවා.
