මන්නාරම සතොස ගොඩනැගිලි ඉදිකිරීම් භූමියේ පාදම සකස් කරමින් සිටි කම්කරුවන්ට පසුගියදා හමුවූ සමූහ මිනී වලෙහි විවිධ වයස් කාණ්ඩවලට අයත් මිනිස් ඇටසැකිලි 30 කට වැඩි ප්රමාණයක් හමුවී තිබෙනවා.
මෙම ඇටසැකිලි පසුගිය යුද සමයේ සිදුකළ සිවිල් වැසියන්ගේ ඝාතනවලට අදාල වියහැකි යැයි විමර්ශන කණ්ඩායම් සැක පලකරනවා.
මේ අතර එම ඇටසැකිලි අතර හඳුනා නොගත් වයස් කාණ්ඩවලට අයත් පුද්ගලයන්ගේද අස්ථි ඇති බව විමර්ශන කණ්ඩායම් පවසනවා.
පසුගිය සිවිල් යුද්ධය පැවති කාලයේ ඝාතනයට ලක්වූ සිවිල් වැසියන් සමූහයක් මෙම ස්ථානයේ එකම වලක මිහිදන් කළායැයිද සැක පල කරන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
