Gossip

හිටපු ජනපති මහින්දගේ ප්‍රකාශයට නිව්යෝක් ටයිම්ස් දුන්නු උත්තරේ මෙන්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තාව සම්බන්ධයෙන් ගැටලුවක් පවතීනම් මෙරට ජනමාධවේදීන්ට බලපෑම් එල්ල නොකර ‘ද නිව්යෝක් ටයිම්ස්’ ජ්‍යෙෂ්ඨ කතුවරුන්ගෙන් විමසන ලෙස එම පුවත්පත ප්‍රකාශ කර තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත මෙම නිවේදනය නිකුත් කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 2015 ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය සඳහා චයිනා හාබර් සමාගමට අයත් පෞද්ගලික බැංකු ගිණුමකින් අමෙරිකානු ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබාගෙන ඇති බව ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත පසුගිය 26 වැනිදා වාර්තා කර තිබුණි.

ඊට ප්‍රතිචාර දක්වමින් පුවත්පත පළ කළ අසත්‍ය කරුණු ප්‍රචාරය කර තමන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් මෙරට මාධ්‍ය ආයතනවලට එරෙහිව නඩු පවරන බව හිටපු ජනාධිපතිවරයා ඉකුත් ඉරිදා ප්‍රකාශ කළේය.

ඉන් පසු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ(02) මාධ්‍ය හමුවක් පවත්වමින් අදාළ සිද්ධියට අදාළව මෙරට මාධ්‍යවේදීන් දෙදෙනකුට චෝදනා එල්ල කළේය.

මේ සම්බන්ධයෙන් ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත අද(03) නිවේදනයක් නිකුත් කර තිබුණි.

තමා ගැඹුරින් කරුණු වාර්තා කරමින් පළ කළ නිවැරදි වාර්තාවට සහාය දුන් ශ්‍රි ලාංකික මාධ්‍යවේදීන් දෙදෙනකුගේ නම් හිටපු ජනපති මහින්ද රාජපක්ෂට සහාය දෙන මන්ත්‍රීවරුන් විසින් විවේචනය කිරීම මාධ්‍ය නිදහස සහ විවේචනය නිහඬ කිරීමක් බවත් එවන් බලපෑම් පිළිගත නොහැකි බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.

එවන් ක්‍රියාවලින් ශ්‍රී ලාංකිකයින්ගේ තොරතුරු දැන ගැනීම අහිමි කිරීමක් සිදු වන බව පෙන්වා දෙන නිව්යෝක් ටයිම්ස් , තමන්ට හෝ වෙනත් ඕනෑම සංවිධානයකට සේවය කරන මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ශ්‍රී ලාංකා බලධාරීන්ගේ වගකීමක් බවද පවසයි.

එමෙන්ම රාජපක්ෂ මහතාට ටයිම්ස් පුවත්පතේ වාර්තාකරණය සම්බන්ධයෙන් ගැටළුවක් පැන නගින්නේ නම් තමන්ගේ ජ්‍යෙෂ්ඨ කතුවරුන්ගෙන් විමසන ලෙසද එම නිවේදනයේ සඳහන් වෙයි.

මේ අතර ද නිව්යෝක් ටයිම්ස් වාර්තාව ගැන අදත් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කර සිටියේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!