බොලිවුඩ්

මධුරි මෝස්තර නිරූපිකාවක් වෙයි….

මධුරි ඩික්සිත් නැවතත් “දේවි” චරිතයට ආගමනය වීමේ පුවතක් බොලිවුඩයෙන් වාර්තා වනවා.

ඒ භාරතයේ ප්‍රවීණ ඇඳුම් මෝස්තර නිරූපණ ශිල්පිනී අංජු මෝදිගේ නිරූපිකාවක ලෙසිනි.

මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන “දිල්ලි ඇඳුම් මෝස්තර නිර්මාණ සතිය” වෙනුවෙන් නිමැවුණු දේවිගේ චරිත‍යට නිමැවුණු ඇඳුමකින් මධුරි හැඩ වී ඇතැයි බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරයි.

අංජු මෝදිගේ නිර්මාණ අතර “චාරුලතා”, “දේවි”, “පරිනීතා” හා “ දේව්දාස්” ද වන අතර එම ඇඳුම් නිර්මාණ අතරින් කාන්තා චරිත නිරූපණය සඳහාප්‍රබල චරිතයන් යොදා ගනී.

මධුරි ඩික්සිත් යනු බද්ධිමත්, සරාගී සහ ලාලිත්‍යයෙන් යුතු චරිතයක සංකේතයක් බව අංජු පෙන්වා දෙයි.

තවද විවාහයෙන් පසුව වුවද ඇය සතු සුරූපී බව රැක ගැනීමට මධුරි සමත් වී ඇති බව ඇය පවසයි.

මෙවන් වූ සුපිරි බොලිවුඩ් තාරකාවක් මෙසේ මෝස්තර නිරූපණ ශිල්පිණියක වෙනුවෙන් පෙනී සිටින ප්‍රථම අවස්ථාව වන්නේ ද මෙයයි.

එහිදී දේවිගේ ඇඳුමෙන් හැඩ වුණු මධුරි ඇයටම අනන්‍ය වූ සිනහවෙන් මුව සරසාගෙන වේදිකාවට පිවිසි අන්දම කාගේත් නෙත් සිත් වසඟ කරගන්නට සමත් වූ බව බොලිවුඩ් පුරයෙන් වාර්තා වෙයි.

මධුරි ඩික්සිත්ගේ සැමියා වන ශ්‍රී රාම් නේනේ ද ප්‍රේක්ෂකයින් අතරේ ඉදිරිපෙළ අසුනකට වී සිය උණුසුම් සුබ පැතුම් ඇයට පිරිනමා ඇත.

 

5 Comments

5 Comments

  1. Akshay

    October 13, 2012 at 12:15 am

    It’s like you’re on a misosin to save me time and money!

    • Umut

      November 14, 2012 at 10:07 pm

      This is just the pefrcet answer for all of us

    • Rakim

      March 27, 2013 at 6:49 pm

      That hits the tagert perfectly. Thanks!

    • Karina

      March 29, 2013 at 6:48 pm

      These tipocs are so confusing but this helped me get the job done.

  2. Neil Hunt

    April 24, 2013 at 12:11 am

    I just want to tell you that I’m new to blogging and site-building and definitely loved your web site. Almost certainly I’m planning to bookmark your blog post . You absolutely have superb stories. Thanks a bunch for revealing your website page.

Leave a Reply

Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!