බොලිවුඩ්

ජැකලයින් ෆර්නැන්ඩ්ස්ගෙන් පසුව ගම්‍යා විජයදාස බොලිවුඩයට

බොලිවුඩ් සිනමාට එක්වූ ශ්‍රී ලාංකික රූ රැජිණක් වන ජැක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස් මේ දිනවල බොලිවුඩ් රසික රසිකාවියන් අතර ජනප්‍රිය තාරකාවියක් බවට සිටියි. ඒ අතරම තවත් ශ්‍රී ලාංකික සුරූපිණියක් බොලිවුඩ් සිනමාවට පා තැබීමට සූදානමින් සිටින බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඇය 2009 වසරේ දී දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගනිමින් එම වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක රූ රැජිණ තරගාවලිය නියෝජනය කළ ගම්‍යා ප්‍රසාදිනී විජේදාසය. එහිදී ඇය අවසන් තරගකාරිණියන් 25 දෙනා අතරට තේරීපත්වීමට ද සමත්වූවාය. 1986 වසරේ දෙසැම්බර් මස 06 වන දින උපත ලද ගම්‍යා කොළඹ, මියුසියස් විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ද, සිංගප්පූරුවේ දී සිය ද්විතීයික අධ්‍යාපනය ද ලබා තිබේ. ‍මනෝ විද්‍යාව පිළිබඳ පිළිබඳව උපාධිධාරිණියක වන ඇය මේ වනවිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද හදාරමින් සිටියි.

මෙම ශ්‍රී ලාංකික සුරූපිණිය මනිෂ් මනික්පූරි අධ්‍යක්ෂණය කරනු ලබන “අලාප්” චිත්‍රපටය සඳහා සිය කුළුඳුල් රංගන දායකත්වය ලබාදෙමින් බොලිවුඩ් සිනමාවට පා තැබීමට සූදානමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම චිත්‍රපටය සඳහා සිය සහභාගිත්වය තහවුරු කිරීමට පෙර ගම්‍යා එම චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් හමුවී ඇත්තේ චිත්‍රපටය චරිතයක් සඳහා රංගනයෙන් දායකවීමේ අරමුණිනි. කෙසේවෙතත් පසුව “අලාප්” චිත්‍රපටයේ එන, ඉන්දීය රොක් සංගීත කණ්ඩායමක් වන “අග්නි” විසින් සංගීත සංයෝජනය කරන ලද ගීතයක් සඳහා රංගන දායකත්වය ලබාදීම වෙනුවෙන් ගම්‍යා තෝරාගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව ජැක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස් මෙන් බොලිවුඩ් සිනමා ක්ෂේත්‍රය තුළ සිය වෘත්තීය ගොඩනගාගැනීමට ඇය බලාපොරොත්තු වන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි. “මම මෙම ගීතයේ රූගත කිරීම් වෙනුවෙන් රායිපූර් බලා ගුවන්ගත වුණේ එය ශ්‍රවණය කිරීමටත් පෙරයි. චිත්‍රපටයේ එන එක් චරිතයක විවාහ ගිවිසගැනීමේ උත්සව අවස්ථාවක ගීතමය ජවනිකාවක් සඳහායි මම රංගන දායකත්වය ලබාදෙන්නේ. කණිකා ජෝශි හා බොනී චක්‍රබෝර්ති විසින් මෙම ගීතය ගායනා කරනු ලබනවා” සිය රංගනය පිළිබඳව අදහස් දක්වමින් ගම්‍යා සඳහන් කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!