අම්මා..
මේ ලෝකේ අම්මගේ ආදරය තරම්, ඒ සෙනෙහස තරම් සුන්දර හැඟීමක් තවත් නැහැ.
අම්මා කෙනෙක් තමන්ගේ දරුවා වෙනුවෙන් කරන කැපකිරීම කිසිදාකවත් මිලකරන්නත් බැහැ.
ඒ ආදරේ ගැන කවදාවත් ලියලා ඉවරකරන්නත් බැහැ.
ඒ නිසාමයි අම්මාගේ සෙනෙහස ගැන නිර්මාණයක් බිහිකළ හැකි අයෙක් මෙලොව මෙතෙක් බිහිවී නොමැති බව පැවසෙන්නේ.
එවන් අම්මා කෙනෙකුගේ ඡායාරූපයකට ලියවුණු අපූරු සටහනක් අපිට මුහුණුපොතෙන් හමුවුණා.
මේ එම සටහනයි…
මතකද පුතේ නුඹ වැටි වැටි බඩගැවා….
අම්මේ කියා හුරතලයට දිව ආවා…
අකුරු කරලා මගෙ ලෝකේ රජ වූවා…
අද මට වාරු නෑ පුතුනේ නුබ සෙව්වා…
රෝද හතර උඩ නුඹ අද යනු දුටුවා…
කවුදෝ දුවක් බඩ ලොකුවට එහි වූවා…
නුඹ හුරතලෙන් තුරුලට ගෙන සැනසෙව්වා…
මට නුඹ කුසෙහි හිටි කාලය සිහි වුවා…
ඉවසමි පුතුනි මම නුඹගේ සතුට දැක….
වැටි වැටි නැගිට හෝ දැන්නම් මැරෙනු හැක.
ලෝකෙ ඇදහෙව්වත් එක එක දහම් නෙක…
මට මගෙ පුතා මහනෙල් සුවදයි මලක…
උපුටා ගැනීම – shan hansa
