තම බිරිඳව නිවස තුළට දමා දොර වසා නිවසට ගිනි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවූ චූදිතයෙකුට මොනරාගල මහාධිකරණ විනිසුරු (පසුගාමී) ප්රදීප් එම්. අබේරත්න මහතා මරණීය දඬුවම නියම කරනු ලැබීය.
මෙලෙස මරණ දඬුවම නියම වූයේ මොනරාගල පාරාවිලවත්ත පදිංචි පුෂ්පරාජා සෞන්දර් (34) නමැති තිදරු පියෙකුටය.
දිගින් දිගටම පැවති පවුල් ආරවුලක් හේතුවෙන් 2016/02/23 වෙනි දින තම බිරිඳවූ අරුලප්පන් ශාන්තිදේවි (28) නමැති තිදරු මවක්වූ තම බිරිඳට පහරදී නිවස තුළට දමා නිවසට ගිනි තැබීමෙන් මෙම ඝාතනය සිදුකැර තිබිණි.
දීර්ඝ නඩු විභාගයකින් පසුව ඔහු එම ඝාතනය සිදුකිරීම සම්බන්ධයෙන්වූ චෝදනාවට වරදකරුවූ පසු චූදිතට මෙලෙස මරණ දඬුවම නියම කෙරිණි.
රජයේ අධිනීතිඥ යොහාන් ගුණසේකර මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර රජයෙන් පත්කළ නීතිඥ ලක්දිල් වික්රමආරච්චි මහතා විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේය.
