Gossip

ඉරාජ්ගෙන් හරීන්ට එන්තරවාසියක්

තම ප්‍රතිරූපයට හානි කළේ යැයි පවසමින් ගායක ඉරාජ් වීරරත්න විසින් හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දුට එරෙහිව එන්තරවාසියක් යවා ඇත.

එන්තරවාසිය යවමින් ඉරාජ් වීරරත්න ඉල්ලා ඇත්තේ තමාට එරෙහිව සිදුකරන අපහාසයන් වහා නතර කරන ලෙසය. එජාප හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනට අපහාස වන ආකාරයට නිකුත් කළ වීඩියෝ පටයක් සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී හරීන් ප්‍රනාන්දු තමන්ට මෙසේ අවමන් කරන බව ඉරාජ් වීරරත්න එන්තරවාසියේ සඳහන් කර ඇත. තමාට කරන අපහාසයන් නවතා දමන බවට සති දෙකක් ඇතුළත ලිඛිත සහතිකයක් ලබාදෙන ලෙසත් තමන්ට කළ අපහාසය සහ තම ප්‍රතිරූපයට කළ හානිය සම්බන්ධයෙන් සමාව ගන්නා ලෙසත් ඉරාජ් වීරරත්න සිය එන්තරවාසිය මගින් ඉල්ලා ඇත.

එසේ නොකළොත් තමාගේ චරිතයට සිදුවූ හානිය සඳහා මූල්‍යමය පාඩු සහ අනෙකුත් සහනයන් ලබා ගැනීමට කටයුතු කරන බවද මේ මගින් දන්වා ඇත. දින දහහතරක් තුළ හරීන් ප්‍රනාන්දු විසින් ඉරාජ් වීරරත්නගෙන් සමාව ගැනීමට කටයුතු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ඔහුගේ නීතිඥවරයා සඳහන් කොට ඇත.

මේ අතර ගායක ඉරාජ් වීරරත්නට එරෙහිව තමන්ද එන්තරවාසියක් යැවීමට සූදානම් වෙමින් සිටින බව හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු ඊයේ (27 වැනිදා) ප්‍රකාශ කළේය. ඉරාජ් වීරරත්න විසින් හරීන් ප්‍රනාන්දු වෙත මේ වන විට එන්තරවාසියක් යවා ඇති අතර ඒ පිළිබඳ විමසූ අවස්ථාවේදී ඔහු මෙසේද කීය.

ඉරාජ් වීරරත්න මට එවූ බව කියන එන්තරවාසිය තවම හමුවුණේ නැහැ. මමත් ඉරාජ් වීරරත්නට එන්තරවාසියක් යවන්න සූදානම්. ඉරාජ් වීරරත්නට පුළුවන් උසාවි යන්න. මටත් පුළුවන් උසාවි යන්න අධිකරණය ඉදිරියේ ඉදිරිපත් වන කරුණු එක්ක ඔප්පු වෙයි කවුද හරි කවුරු වැරදි ද කියලා. කවුරු වුණත් මේ දේ කරපු කෙනා අනිවාර්යයෙන්ම හොයා ගන්න ඕනෑ. මගේ නම මේකට සම්බන්ධ කළ පුද්ගලයාව සොයාගත යුතුයි‘’ යැයිද හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!