ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ නව පරිච්චේදයක් සනිටුහන් කරමින් දකුණු අප්‍රිකාව සමඟ පැවති තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය තරඟ දෙකට බිංදුවක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) සමත් වුණා.
ඒ දෙරට අතර පැවති දෙවන තරඟය කඩුලු 08කින් ජය ගනිමින්.
එ් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ මෙම තරඟාවලි ජයග්‍රහණය ඉතිහාස ගතවන්නේ දකුණු අප්‍රිකාවේදී පූර්ණ ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණයක් ලැබූ පළමු ආසියාතික කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්වෙමින්.
එහිදී තරඟාවලිය පුරාවට අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 84ක් රැස්කළ අතර සිය දෙවන ජාත්‍යන්තර ටෙස්ට් තරඟය ක්‍රීඩා කළ ඕෂධ ප්‍රනාන්දු නොදැවී ලකුණු 75ක් රැස් කිරීමට සමත් වුණා.
කෙසේවෙතත් මේ වෙනුවෙන් සමාජජාල මාධ්‍යයන්වලද නිර්මාණාත්මක පෝස්ට් කිහිපයක් හුවමාරු වෙමින් පවතිනවා.
මේ ඒවායින් කිහිපයක්.
