බාලවයස්කාර (අවු. 15) දැරියක් සමග ඇසුරක් පවත්වාගෙන ගිය තරුණයකු ඉකුත් 09 දා එම තරුණිය තරුණයා ගේ නිවසට කැඳවාගෙන ගොස් තිබේ. තරුණිය නිවසට කැඳවා ගෙන යෑමෙන් පසු ඇය තරුණයාගේ නිවසේ කාමරයකට දමා තරුණයා විසින් දොර වැසීමෙන් පසු තරුණයාගේ මවත්, සහෝදරයකුත්, තවත් මිතුරියන් දෙදෙනකුත් එකතු වී තරුණියට පහර දී ඇගේ වරලස (කොණ්ඩය) කපා දමා ඇත.
මේ අතර තරුණිය සොයාගෙන තරුණයාගේ නිවසට ගිය තරුණියගේ මවටද එහි වූ පිරිස පහර දී තිබේ.
තරුණිය සහ ඇගේ මව මේ පිළිබඳව පසු දින එනම් පෙරේදා (10) දා ඇහැළියගොඩ පොලිසියට පැමිණිලි කර ඇත. එම අවස්ථාවේම ක්‍රියාත්මක වූ පොලිසිය මේ පිළිබඳව සැකපිට කාන්තාවන් සිවුදෙනෙක් සහ තරුණිය හා ඇසුරු කළ තරුණයාද ඔහුගේ සොහොයුරාද අත්අඩංගුවට ගෙන ඇත.
තරුණිය අවිස්සාවේල්ල අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කිරීමටත්, අනතුරුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර පරිවාස භාරයට පත් කරන ලෙස ඉල්ලීමටත් පොලිසිය කටයුතු කරගෙන යයි.
