පාපන්දු සහ ක්‍රිකට් ක්‍රීඩාවලටත් ගොඩක් දක්ෂ ජෝගේ වැඩිම දක්ෂතාවය තියෙන්නෙ බලිකුරුටු අඳින්න කියලා තමයි එයාගේ මව්පියෝ කියන්නෙ. ඒත් ඉස්කෝලෙ වෙලාව ඇතුළත බලිකුරුටු ඇඳීම නිසා ජෝ අවවාද කිරීම්වලටත් ලක්වෙලා තියෙනවා. කොටින්ම ඉස්කෝලෙ වෙලාව ඇතුළෙ ජෝට බලිකුරුටු ඇඳීම තහනම් කරලා.
ඉතින් මේ තත්ත්වෙ උඩ ජෝගෙ අම්මයි තාත්තයි තීරණය කරා ජෝව චිත්‍ර පන්තියකට ඇතුළු කරන්න. සතියකට වතාවක් පැවැත්වෙන චිත්‍ර පන්තිය ජෝට තමන්ගෙ නිර්මාණශීලී හැකියාවන් එළියට දාන්න හොඳ වෙයි කියලා එයාලා කල්පනා කරලා.
වාසනාවකට ජෝටම ගැලපෙන ගුරුතුමියක් ඒ පන්තියේදී හමුවෙලා. ජෝගෙ දක්ෂතාවය අගය කරපු ඈ තමන්ගේ පන්ති කාමරේ සම්පූර්ණ බිත්තියක්ම ජෝට දීලා තියෙන්නෙ බලිකුරුටු අඳින්නයි.
“ජෝගෙ චිත්‍ර ඉස්සෙල්ලාම දැකපු දවසෙම මට හිතුණා මේ දරුවට විශේෂ දක්ෂතාවක් තියෙනවා කියලා” ජෝගෙ ගුරුතුමී එහෙම කියනවා.
ජෝ තමන්ගේ පන්ති කාමර බිත්තියේ අඳින බලිකුරුටු එයාගෙ මව්පියන්ගේ අවසරය පිට තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවට එකතු කරන්නත් ගුරුතුමී කටයුතු කළා. ඒකෙන් වුණේ නොහිතූ දෙයක්.
දවසක් දෙකක් යද්දි ජෝ ජනප්‍රිය තාරකාවක් තරම් ප්‍රසිද්ධියට පත්වුණා. දවසින් දවස ඉන්ස්ටර්ග්රෑමයට එකතු වන ජෝගේ බලිකුරුටු චිත්‍ර රසවිඳින්න වෙනම රසික කාණ්ඩයකුත් පෙළගැහුණා. මේ මොහොතේදී තමා ෂෘස්බරි නගරයේ අවන්හලකින් අපූරු යෝජනාවක් ජෝට ඉදිරිපත් වෙන්නෙ.
ෂෘස්බරිවල Number 4 කියන අවන්හල ජෝට කියලා තමන්ගේ ප්‍රධාන ආහාරගැනීමේ ශාලාවේ එක බිත්තියක බලිකුරැටු කලා නිර්මාණයක් කරන්න තීරණය කරනවා. මේ අදහස ඉදිරිපත් වුණාම ජෝ විතරක් නෙමෙයි එයාගෙ මව්පියනුත් පුදුම වුණා කියලයි දැනගන්න තියෙන්නෙ.
“මේක හරිම වටිනා අවස්ථාවක්. ඒ වගේම ජෝ ගැන අපිට හරිම ආඩම්බරයි. අවුරුදු 9ක පොඩි දරුවෙක්ගේ විනෝදාංශයකට මේ තරම් වාත්තීමය වටිනාකමක් ලැබුණා කියන්නේ මේ අංශයෙන්ම ඉදිරියට යන්නත් ජෝට පුළුවන් බවට අපිට විශ්වාසයි” ජෝගෙ තාත්තා එහෙම කියනවා.
දේශය පුවත්පත
