අග නගරයේ රෝහලක සේවය කරන රූමත් හෙදියක් අලුත් අවුරුද්දට ගමේ පැමිණ නැවත කොළඹ බලා යන අතුරතුරදී බස්රථයේ සිටි පුද්ගලයකු ඇගේ උඩු කය ප්රදේශය ස්පර්ශ කර ඇති අතර එයට අකමැති වූ නිසා ඇගේ මැදඟිල්ල කරකවා කඩා බරපතළ තුවාල සිදුකර ඇති බව පොලිසිය පවසනවා.
අකුරැස්ස හරහා මාතර බලා ගමන් ගන්නා බස් රථයක් තුළදී ඇය මෙම අකරතැබ්බයට මුහුණ පා තිබෙනවා.
ඇය මේවන විට මාතර මහ රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබනවා.
29 හැවිරිදි හෙදිය ගැබිනියක් බව ද සැකකරු තමා අසල වාඩි වී ගිය බවද එකවරම පපුව ස්පර්ශ කර එයට විරුද්ධ වූ නිසා තදබල ලෙස බැණ වැදී ඇගේ ඇඟිල්ල කඩා දමා ඇති බවයි වාර්තා වන්නේ.