බම්බලපිටිය ප්‍රදේශයේ ප්‍රභූ පිරිස් වෙනුවෙන් පමණක් පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලාවක් වැටලූ කොළඹ සුරාබදු ඒකකය නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට ගබඩා කර තිබූ විදේශීය මත්පැන් බෝතල් තොගයක් සමඟ එහි කළමනාකරු 17 වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සුරාබදු බලපත්‍ර නොමැතිව දිවයිනේ ප්‍රසිද්ධ ප්‍රභූවරුන් සඳහා පමණක් මෙම රාත්‍රී සමාජ ශාලාව පවත්වාගෙන ගොස් ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ..
ප්‍රසිද්ධ ප්‍රභූවරුන්, ව්‍යාපාරිකයන් මෙම රාත්‍රී සමාජ ශාලාවට නිරන්තරයෙන්ම පැමිණ තිබෙන බවත්, ඔවුන්ට රුපියල් තිස්තුන්දහස ඉක්මවූ විවිධ පැකේජයන් යටතේ විදේශීය මත්පැන් මෙන්ම සුරූපී කාන්තාවන් ද සපයා ඇති බවත් හෙළිවී තිබෙනවා.
මහජනතාවගෙන් ලද තොරතුරුවලට අනුව සිදුකළ විමර්ශනයකින් පසුව ව්‍යාපාරිකයන් ලෙස වෙස්වලා ගෙන ගොස් එදින අලූයම අදාළ රාත්‍රී සමාජ ශාලාවට ඇතුළු වී මෙම වැටලීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු පෙරේදා (18 වැනිදා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් හැටදහසක දඩයක් නියම කිරීමටත්, විදේශීය මත්පැන් රාජසන්තක කිරීමටත් නියෝග කර තිබෙනවා..
