Gossip

මධුසමය ගත කළ යුත්තේ කෙසේද?

මධූර් යනු මධුපැණිය. මලකින් රොන් ගෙන මී මැස්සන් සාදන මී වදවල ඇති පැණි වාජීකරණ ගුණයෙන් අනූනය
වර්තමානයේ බොහෝ දෙනා මධුසමය ලෙස සිතන්නේ මත්පැන් පානය කිරීම කියාය

වර්තමානයේ යුග දිවියට පිවිසෙන තරුණ තරුණියන් නිරෝගී දරු සම්පත් ප‍්‍රාර්ථනා කරනවා නම් මත්පැන්, දුම්වැටි භාවිතයෙන් ඈත්විය යුතුය
යුග දිවියට පත් යුවතිපති යුවළකගේ සොඳුරුතම සිහිනය වනුයේ නිරෝගී දරු සම්පතකි.

ඒ සඳහා ඔවුන් දෙදෙනා සිය මධුසමයේදී දහසක් පැතුම් පතති.
නමුත් එම පැතුම් ඇතැම් විට බොඳවී යයි. එනම් දරුඵල පමාවීම හෝ මන්ද මානසික දරුවකු හෝ ආබාධිත දරුවකු බිහිවේ.

වෛද්‍යතුමනි, නිරෝගී දරු සම්පතක් ලබාගැනීම සම්බන්ධව සෘෂි නාඩි වෛද්‍යවරුන් ලබා දී ඇති උපදෙස් මොනවාද?

යුග දිවියට පත් නව යුවළකගේ පළමු එක්වීම යනු මධූර් ගුණයෙන් යුත් එක්වීමක් ලෙස සෘෂි නාඩි වෛද්‍යවරු සඳහන් කර ඇත.

මධූර් යනු මධුපැණිය. මලකින් රොන් ගෙන මී මැස්සන් සාදන මී වදවල ඇති පැණි වාජීකරණ ගුණයෙන් අනූනය. එනම් ලිංගික උත්තේජනය වැඩි කරයි. එසේම නිරෝගී
ඩිම්බ නිපදවීමට සහ සක‍්‍රිය ශුක‍්‍රාණු නිපදවීමට ද පෝෂණය සපයයි.

එනිසා මී පැණි මිශ‍්‍ර ආහාර සහ පළතුරුවලින් කුස පුරවාගෙන ප‍්‍රාණවත් ලෙසින් දෙදෙනා එක්වීම මධු සමය ලෙස සෘෂිනාඩි වෛද්‍යවරු පවසා ඇත.

නමුත් වර්තමානයේ බොහෝ දෙනා මධුසමය ලෙස සිතන්නේ මත්පැන් පානය කිරීම කියාය.
මත්පැන් යනු ලිංගික උත්තේජනයක් ඇති කරන පානයක් නොව ලිංගික දුබලතා ඇති කරන පානයකි. මත්පැන් නිසා ශුක‍්‍රාණුවල ශක්තිය හීන වේ. නිරෝගී ඩිම්බ නිෂ්පාදනයට බාධා ඇති වේ.

වර්තමානයේ ආබාධිත සහ මන්දමානසික දරුවන් ඇති දෙමාපියන් බහුතරයක් සිය තරුණ වියේදී මත්පැන් පානයට යොමුවීම අධිකව සිදුකළ සහ සිය මධුසමයේදී මත්පැන් පානය කළ අය වෙති. එනිසා වර්තමානයේ යුග දිවියට පිවිසෙන තරුණ තරුණියන් නිරෝගී දරු සම්පත් ප‍්‍රාර්ථනා කරනවා නම් මත්පැන්, දුම්වැටි භාවිතයෙන් ඈත්විය යුතුය.

විශේෂයෙන් තරුණියන් මෙය වඩාත් අවධානයට යොමු කළ යුතුය. මන්ද යත් වර්තමානයේ තරුණයන්ට වඩා තරුණියෝ මත්පැන්, දුම්වැටි, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටිති. තරුණ වියේදී ලබන මෙම මත් වින්දනයෙන් පසු කාලයේදී ඔවුනට දුක් විඳින්නට සිදුවන්නේ ආබාධිත හෝ මන්ද මානසික දරුවන් ලැබුණු විටදීය.

දරු සම්පතක් ලබා ගැනීම සඳහා මධුසමය ගත කළ යුත්තේ කෙසේද?

යුග දිවියට පිවිසෙන යුවතිපති යුවළක් විවාහයට මාස තුනකට පෙර සිට ඒ සඳහා සූදානම් විය යුතුය. දුම්පානය, මත්පැන් පානය, මත්ද්‍රව්‍ය පානයට යොමුවී සිටිනවා නම් මාස තුනකට පෙර සිට ඉන් සම්පූර්ණයෙන් මිදිය යුතුය.
මීපැණි මිශ‍්‍ර කළ පලතුරු ආහාරයට ගත යුතුය.

වෛද්‍ය උපදෙස් මත මී පැණි සහ කංසා මිශ‍්‍රකර සාදාගත් ඖෂධ කඩල ඇටයක් තරම් ගුලියක් දිනපතා ආහාරයට ගැනීම තුළින් ජාන විකෘතිතා සහිත දරුවන් බිහිවීම සහ පිළිකා රෝග සහිත දරුවන් බිහිවීම වළක්වා ගත හැකිය.
දිනපතා ආහාරයට වැඩිපුර එළවළු සහ පලාවර්ග එකතු කර ගත යුතුය. පිරිසිදු ජලය ලීටර් දෙකක් පමණ දිනකට පානය කළ යුතුය. යහපත් මනසින් යුක්තව ආගම දහමට අනුව දිවි ගෙවිය යුතුය.
මෙලෙස කටයුතු කරමින් යුග දිවියට පිවිසෙන යුවළකට සිය මධු සමයේදී ගැබ්ගන්නා පළමු දරුවා නිරෝගී දරු සම්පතක් ලෙස බිහිකර ගත හැකිය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!