පාතාලේ හොල්ලපු මාකදුරේ මධූෂ් අද උදේ මියගියා.
ඒ වෙඩි ප්‍රහාරයකින්.
මධූෂ් ගැන කතාවෙද්දි අපි ඔහුගේ වැරදි පාරේ ගිය ජීවිතේ ගැන ඔහුගේම ලිපියක ලියා තිබූ සටහනක් මතක් කරන්න හිතුනා.
ඒ මධූෂ් පසුගිය වසරේ තමන්ගේ පියාට එවූ ලිපියක්.
පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ පියා පසුගිය වසරේ රිය අනතුරකින් මිය ගියා.
ඔහුගේ පියාගේ අවමංගල්‍ය කටයුතු අතරතුර ඩුබායි වල වාසය කළ මධූෂ් සිය පියාගේ වියෝව වෙනුවෙන් ලියුමක් එවා තිබුණා.
එම ලිපියේ සඳහන් වුණේ මෙලෙසින්..
ආදරණීය තාත්තේ….
අවසන් මොහොතේ ඔබ පපුව මත මගේ මුහුණ තියාගෙන හදවත ඇතුලේ බුර බුරා නැගෙන වේදනාව කෑ ගහලා කියන්න මේ කුරිරු සමාජය ඉඩ නොදුන්නත් මම දන්නවා හැම මොහොතෙම මගේ තාත්තා සෙවනැල්ලක් මෙන් මා පසුපස ඉඳිමින් මට ශක්තිය ධෛර්ය දෙන බව.
තාත්තාගේ පොඩි පුතාගේ ජීවිතය උදුරාගත් ධනපති පංතියේ දේශපාලන නරුමයින් යහතින් වැජඹෙන විට නිහඬ පිය සෙනෙහස වේදනාවෙන් විඳි දුක ඔය මුහුණේ ඉරියව්වලින් මට විනිවිද පෙනුනා තාත්තේ. ඔය වේදනාව තුනී කරන්න අවි අතට ගන්න දෙවරක් සිතුවේවත් පැකිලුණේවත් නැත්තේ සහෝදර ප්‍රේමයට තාත්තාගේ රුධිරය මේ ලේ, මස්, ඇට, නහර තුළ රත්වී වේගයෙන් දිව්වේ මල්ලීගේ ජීවිතය උදුරාගත් නරුමයින් පසුපසයි.
තවත් එවැනිම අහිංසක කොල්ලන්ගේ ජීවිත උදුරා ගන්නට ඉඩ නොදෙමිනි.
රටට සමාජයට වින කරන උන් අකාමකා දමනට අවසන්වරට දිවුරා සපත වෙමි ඔබේ නාමයෙන්.
ඔබේ හදිසි වියෝවෙන් තිගැස්සුනු ලොකු පුතා මම වෙමි.
රටක් පරසිදු පුතෙකු බිහි කල…. පියෙකි නුඹ මරණයද පසු කල..
අපි මේ ගැන ඔබට මතක් කළේ අවි ගත්තෝ අවියෙන්ම නැසෙති කියන කියමනද සිහිපත් කරමින්.
මොකද මොන හේතුවකින් හරි මධූෂ්ගේ මරණය ලියවුණෙත් අවියකින්මයි.
ඔහුගේ පියාගේ මරණයට ලියා එවූ ලිපියේ මධූෂ්ගේ ජීවිතේ මේ විදිහට වෙනස් වුණේ ධනපති පංතියේ දේශපාලනය නිසා බව මනාවට පැහැදිලි වෙනවා.
ඉතිං අපරාධකාරයෙක් විදිහට සමාජගත වෙන්නේ ඔවුන්ගේම වරදින්ද..? නැතිනම් ඔවුන්ව ඒ තැනට පත්කරන්නේ මේ දේශපාලනයද? සමාජයද..? එයට පිළිතුර ඔබ සතුයි..