Gossip

“මුල් විවාහක බිරිඳ ගයනි මුතුමාලිත් ඇවිත්.. දෙවන බිරිඳ වන කළුතුෂාරගේ වැන්දඹු බිරිය දිලිණිත් ඇවිත්..” – මධූෂ්ගේ දේහය භාරගන්න බිරින්දෑවරු දෙදෙනෙක්

අපරාධ කල්ලි නායක මාකදුරේ මදුෂ් අද උදෑසන ඝාතනයට ලක්වූ අතර ඔහුගේ මෘත ශරීරයේ මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පවුලේ ඥාතීන්ට භාර දීමට අවසර ලබාදුන්නා.
ඒ අනුව ඝාතනය වූ පසුව එම මළ සිරුර මුල් විවාහක බිරිය වන ගයනි මුතුමාලි නමැති කාන්තාව පැමිණසිටි අතර ඇය මෘත දේහය තම ස්වාමියාගේ බව හදුනා ගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා තිබුණා.
ඉන් පසුව ඔහුගේ දෙවන් බිරිය යැයි පවසන කළුතුෂාර නමැති පාතාල නායකගේ වැන්දඹු බිරිය වූ දිලිනි නමැත්තිය ද පැමිණ තිබෙනවා.
එහිදී ඔහුගේ දේහය පිලිබදව අයිතිය ප්‍රකාශ කරමින් එයට බලපෑම් කර තිබෙනවා.
මෙහිදී මරණ පරීක්ෂකට ගැටළු කාරී තත්වයක් ඇතිව තිබෙන නිසා එය උසාවියෙන් බේරා ගැනීම සදහා යොමු කර ඇති බව වාර්තා වනවා.
අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව මධූෂ්ගේ දේහය ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට දෙන ලෙස අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!