සිය පුත්‍රයාගේ අධ්‍යාපනය සදහා තමන් විශාල මුදලක් වියදම් කළ හේතුව නිසා සිය පුත්‍රයා විවාහ කරගත් මවක් පිලිබඳ පුවතක් මලාවි රාජ්‍යයෙන් වාර්තා වනවා.
මෙම මව 47වන වියේ පසුවන අතර පුත්‍රයා 30වන වියේ පසුවනවා.
මේ විවාහය පිළිබඳව මාධ්‍යය වෙතට අදහස් දක්වමින් මව පවසා ඇත්තේ තමන් සතු ධනයෙන් විශාල ප්‍රමාණයක් සිය පුත්‍රයාගේ අධ්‍යාපනය සදහා වියදම් කල බවත් ඔහු හොදින් අධ්‍යාපනය ලබා හරි හම්බ කරන සල්ලි වලින් වෙනත් කාන්තාවකට විනෝද වීමට ඉඩ ලබාදිය නොහැකි බවයි. මේ නිසා සිය පුතා විවාහ කරගැනීමට තීරණය කල බව ඇය පවසනවා.
නමුත් සමාජයේ ඇතැම් කොටස් මවගේ මේ ක්‍රියාව දැඩි ලෙස විවේචනය කරමින් අදහස් දක්වා ඇති අතර ඇතැම් පුද්ගලයින් ඇයට මරණ තර්ජනද එල්ල කර තිබෙනවා. කෙසේ නමුත් මේ යුවල පසුව දික්කසාද වී ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
