සමහර මිනිස්සුන්ගේ සිතුම් පැතුම් හරි වෙනස්.
තමන් ගැන විතරක් ඉන්න මිනිස්සු ඉන්න සමාජයක අනෙකා ගැනත් හිතන අය අපි අතරම ඉන්නවා.
ඒ විදිහේ කතාවක් ගැන තංගල්ල පැත්තෙන් අපිට අහන්න ලැබුණා.
මේ තංගල්ලේ අලුතින් විවෘත කරන්න යන ළමා වාට්ටුව. මේ වාට්ටුවේ බිත්තිවල කාටූන් චිත්‍ර අදින්න ඕන කියන අදහසක් ළමා රෝග විශේෂඥ වෛද්‍ය කපිල හේමන්ත මහතාට ඇතිවෙලා තියෙනවා.
ඉතිං මේ අදහස මුහුණුපොතට දැම්මට පස්සේ නොමිලේම මේ චිත්‍ර අදින්න භාර අරන් තිබුණේ මෙන්න මේ අය..
මුදල් මත හැමදේම තීරණය කරන සමාජයක මේ අයගේ මනුස්සකම ගැන අපි කවුරුත් අගය කළ යුතුමයි..
