පුංචි අම්මා විසින් නටමින් තිබූ උණුවතුර භාජනයකින් පහරදීම නිසා මාස අටක බිළිදෙකු හා එම බිළිදාගේ මව බරපතළ පිළිස්සුම් තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බැව් පොද්දල පොලිසිය පවසයි.
බිළිදා බරපතළ පිළිස්සුම් තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි. පොද්දල පොලිස් බල ප‍්‍රදේශයට අයත් මැහිමුල්ල ප‍්‍රදේශයේ නිවසක් තුළදී මෙය සිදුවී ඇත. මෙකී නිවසේ බිළිදාගේ මව පියා සහ ඔවුන්ගේ පුංචි අම්මා මව්පියන් පදිංචිව සිටිති. පුංචි අම්මා විසින් තේ උණුකරමින් සිටියදී ඇතිවූ සිද්ධියක් හේතුවෙන් ඇය නටමින් තිබූ උණවතුර බිළිදාගේ ඇඟට විසිකොට ඇති අතර ඒ සමග මව බිළිදා බදාගෙන තිබේ. මේ නිසා බිළිඳාගේ මවද පිළිස්සුම් තුවාල ලබා ඇත. මෙකී සිද්ධියට සම්බන්ද 17 හැවිරිදි පුංචි අම්මා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.