Gossip

කාන්තාවකට නිරුවත පෙන්නූ වැලිවේරියේ පුද්ගලයාට වුණූ දෙයක්

කාන්තාවකට නිරුවත පෙන්වා ලිංගික අතවර කිරීමේ චෝදනා මත වැලිවේරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇපමත මුදාහරින ලෙසට ගම්පහ අතිරේක මහෙස්ත‍්‍රාත් ආර්. එස්. එම්. මහේන්ද්‍ර රාජා මහතා පසුගිය 14 වැනිදා නියම කළේය.

වැලිවේරිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙසේ ඇපමත මුදාහැරිණි. සැකකරු වත්තේ වැඩ කරමින් සිටින අවස්ථාවේ කෘමීන් වර්ගයක් සැකකරුගේ සිරුරට නැඟ ඇති බවත් කලබල වූ සැකකරු එම අවස්ථාවේ සරම ගලවා දමා ඇති බවත් එම කෘමි වර්ගය බෝතලයකට දමා ගෙන රැගෙන ආ සැකකරුගේ නීතිඥවරිය අධිකරණය හමුවේ පැවසුවාය. සැකකරු නිරුවතින් සිටින අයුරු පැමිණිලිකාර පාර්ශ්වය විසින් ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කර සහ ඡයාරූප ගත කර ඇති බවට පවසමින් වැලිවේරිය පොලිසියේ උ. පො. ප. වීරසිංහ මහතා එම වීඩියෝ පටය සීඞී තැටියක් මගින් සහ මුද්‍රණය කළ ඡයාරූප නඩු භාණ්ඩ ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

සැකකරු සාවද්‍ය චේතනාවකින් එම කි‍්‍රයාවලිය සිදු කර නොමැති බව කියමින් ඒ හෙයින් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සැකකරුට ඇප ඉල්ලා සිටියාය. දෙපාර්ශ්වයේ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත‍්‍රාත්වරයා සැකකරුට ඇප නියම කරමින් නැවත ඔක්තෝබර් මස 06 වැනිදාට අධිකරණයේ පෙනී සිටින ලෙසට නියම කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!