ඇඳිරි නීතිය සමයේ කොළඹ නගරයේ සීඝ්රයෙන් පහළ ගිය වායු දූෂණ මට්ටම නැවත ඉහළයෑමේ ප්‍රවණතාවක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
කොරෝනා වසංගතය හේතුවෙන් රට පුරා ඇඳිරි නීතිය පැනවීමත් සමග කොළඹ පැවැති වායු දූෂණ මට්ටම සීඝ්රයෙන් පහළ ගිය බවත්, නැවත රථවාහන ගමනාගමනය සහ අනෙකුත් ක්‍රියාකාරකම් වැඩිවීමත් සමග කොළඹ නගරයේ වායු දූෂණය ක්‍රමයෙන් වැඩිවී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි පැවැසීය.
පසුගිය සමයේ කොළඹ අවට වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණයේ අවම මට්ටම ලෙස සටහන් වූයේ මයික්‍රො ග්‍රෑම් 10ක් බවත් නමුත් දැන් මයික්රෝග්රෑම් 18ක් 20ක් වැනි අගයක් දක්වන බව ඔහු පවසයි.
2025 වන විට මෙරට නාගරික වායු දූෂණය අවම කිරීමට සැලසුම් සකස් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
