Gossip

කොවිඩ් නිසා පෞද්ගලික අංශයේ 70%ක් ගෙදර

කොවිඩ් 19 වයිරසය පැතිරීම හේතුවෙන් පෞද්ගලික ආයතනවල සමස්ත සේවක සංඛ්‍යාවෙන් සියයට හැත්තෑවක් පමණ වැඩ නොමැතිව නිවෙස්වලට වී සිටින බව නිපුණතා සංවර්ධන රැකීරක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍යාංශය සකස් කළ වාර්තාවක සඳහන් වේ.

කොවිඩ් 19 හේතුවෙන් බලපෑමට ලක් වූ පෞද්ගලික ව්‍යාපාර පිළිබඳ සමීක්ෂණයේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත. මෙම තොරතුරු අමාත්‍ය දි​නේෂ් ගුණවර්ධන විසින් අමාත්‍ය මණ්ඩලයට ද යොමු කර ඇත.

මේ පිළිබඳව කම්කරු අමාත්‍යාංශයේදී ජාතික කම්කරු උප​දේශන සභාව, ලංකා සේවක සම්මේලනය, වෘත්තීය සමිති ඒකාබද්ධ විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබේ. එහිදී පෞද්ගලික අංශයේ සේවකයන්ගේ රැකියා අහිමි නොකිරීමට තීරණය කර ඇත.

සෑම සේවකයකුටම වැඩ මුර ක්‍රමයක් හෝ වෙනත් සුදුසු වැඩපිළිවෙළක් ඔස්සේ රාජකාරි කිරීමට අවස්ථාව ලබාදීමටද තීරණය විය. දැනට නිවෙස්වල සිට රාජකාරි කරන සේවකයන්​ අවසානයට ලැබූ සම්පූර්ණ වැටුපෙන් සියයට පනහක් හෝ රුපියල් 14,500ක මුදල යන දෙකෙන් වඩා වාසිදායක මුදල සේවකයන්ට ගෙවීමටද තීරණය කරන ලදී. මෙම යෝජනාව සම්පූර්ණ වැටුප ගෙවන ​ආයතන සඳහාද අනුකූල කර ගැනීමට ජාතික කම්කරු උපදේශක සභාව තීරණය කර තිබේ.

පෞද්ගලික අංශයේ ගැටලු පිළිබඳව යළි ජූනි මස අවසානයේ සමාලෝචනය කරන බවද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!