Gossip News

පාස්කු ප්‍රහාරයේ මොළකරුගේ බිරිඳගෙන් තවත් රහස් ප්‍රකාශයක්..

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හසීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා සාදියා ඊයේ දිනයේ දීත් අධිකරණය ඉදිරියේ පැය දෙකක රහස් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ ඇය රහස් ප්‍රකාශය සිදුකර ඇති අතර ඇය මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ රඳවාගන සිටින බව වාර්තා වෙනවා.

ඇය මීට පෙර දෙවතාවක්ම රහස් ප්‍රකාශයන් ලබා දී තිබෙනවා.

සහරාන්ගේ සහ ඔහුගේ බිරිඳගේ දරුවා මේ වන විට බිරිඳගේ දෙමාපියන් භාරයේ තැබීමට මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා නියම කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!