ගෝලීය වසංගතයක් වන කොරෝනා රෝගය දිනෙන් දින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද වැළෙඳමින් තිබෙන අතරතුර ලෝක පාපැදි ශරයකු වන ප්‍රනාන්දු ගවිරියාට දෙවැනි වරටත් අදාළ රෝගය ආසාදනය වී තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ධාවකයකු වන ගවිරියා ඉකුත් පෙබරවාරි මාසයේදීද කොරෝනා රෝගයට ගොදුරු විය. ගයිරෝහී තරගයට පෙර සිදු කරන ලද පරීක්ෂණයකදී ඔහුට යළිත් රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.
