ප්‍රබල පාතාල නායකයෙකු වූ කොස්ගොඩ රනාගේ තිස්සමහරාම, සේනපුර ප්‍රදේශයේ පිහිටි නිවසකට පැන ගෑස් සිලින්ඩර තුනක්, ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් ඇතුළු රුපියල් 1,472,000 ගෘහ භාණ්ඩ සොරකම් කරන ලද සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් තිස්සමහරාම සේනපුර, ගෝනගමුව ගඟසිරිපුර, දෙබරවැව කිරිඳීවදි මාවත, මැදවලෑන වන ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 25ත් 36 අතර වයස්වල පසුවන අය බව පොලීසිය පවසනවා.
කොස්ගොඩ රනාගේ බිරිඳගේ නමින් ඇති ඉඩමක ඇති සුවිශාල නිවසේ විශාල තාප්පයක්ද ඉදිකර තිබෙනවා.
එම තාප්පය උඩින් සැකකරුවන් පැන ගොස් සී.සී.ටී.වි. කැමරා උපකරණ කඩා දමා නිවෙසෙහි දොරගුළු කඩානෙ ගෙට ඇතුළු වී තිබෙනවා.
යතුරුපැදිය හා ත්‍රිවීල් අමතරව සොරකම් කරන ලද ගෘහ භණ්ඩ අතර වතුර මෝටරයක්, ජල පොම්පයක්, ගෑස් ලිපක්, ගෑස් සිලින්ඩර තුනක්, රූපවාහිනි යන්ත්‍රයක් මහන මැෂිමක්, සී.සී.ටී.වී කැමරා පද්ධතිය සවිකරණ දල පරිගණක යන්ත්‍රයක් ද විය.
ඔවුන් විසින් සොරාගන්නා ලද ත්‍රීරෝදරථය කොටස්වලට ගලවා විකිණීමට සුදානම් කර තිබියදී පොලීසිය විසින් සොයගෙන තිබෙනවා.
පුද්ගල ඝාතන කිහිපයක් සහ මංකොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට ප්‍රශ්න කිරීමය පොලීසියට අවශ්‍යව කොස්ගොඩ රනා විදේශ රටකට පැන ගොස් අතුරුදන්ව සිටින අතර, ඔහු හා ඔහුගේ බිරිඳ, දරුවන්, රනාගේ මව ජීවත්ව සිට ඇත්තේ මෙම නිවෙසෙහි බවට වාර්තා වෙනවා.
පැමිණිල්ලකට අනුව අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක නිමල් ලොකු ගමගේ මූලිතත්වයෙන් සිදුකරන ලද පරීක්ෂණවලට අනුව පැය 24ක් යන්නට මත්තෙන් සැකකරුවන් 6 දෙනෙකු සැකපිය පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
