Gossip

ප්‍රේමදාස පිටිය තුල බංගලියන් යකා නැටූ සිද්ධිය යළි ඇවිස්සෙයි – මීරිගමදී බංගලියාට ගුටිකෙළියක් – කතාව මෙන්න – Exclusive

බංගලියක් සමඟ ඊයේ පැවැත්වුණු තරගයේදී ඇතිවුණු සිද්ධිය ගැන මේ වෙද්දි විදෙස් රටවල පවා කතා වෙනවා.
මෙම සිද්ධිය නිසා මහත්වරුන්ගේ ක්‍රීඩාවට කලු පැල්ලමක් එක්වූ බවයි ඒ සියලු දෙනාගේ මතය වී තිබුණේ..
කොහොම වුණත් බංගලියන්ගේ ඒ හැසිරීම ඉදිරියේ ශ්‍රී ලංකා නායකයා ඇතුළු අපේ ටීම් එක ඉවසීමෙන් ක්‍රියාකළ අයුරු ගැන කවුරුත් කතා කළේ ලොකු පැහැදීමකින්.
මෙම සිද්ධිය මුල්කරගෙන මීරිගම පැත්තේ ඇතිවුණු ගැටුමක් ගැන අපිට අහන්න ලැබුණා.
අද දහවල් මංගල සාදයකට පසුව මිතුරන් සමඟ එක්ව පිරිසක් මත්පැන් පානය කර තිබෙනවා.
එම ස්ථානයේදී බීමත් තරුණයෙක් දිනන්න තිබ්බ මැච් අන්තිම පන්දුවාරයේදී කෑවා යනුවෙන් පවසා තිබෙනවා..
තවද අපේ උන්ට නයි නැටුම් නෙවෙයි නටවන්නයි ඕනේ යනුවෙන් පැවසා තිබෙනවා.
එයට ඉවසුම් නැතිවූ 43 හැවිරිදි වියේ පසුවූ ක්‍රිකට් ක්‍රීඩවාට දැඩි ඇල්මක් දක්වන පුද්ගලයෙක් උඹත් බංගලියෙක්ද.. ඉඳපන් මම බංගලියට උගන්වන්න පාඩමක් යනුවෙන් පවසා අදාල තරුණයාට පහරදී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් එම ස්ථානයේ සිටි අනෙක් පිරිස පසුව එය සමතයකට පත්කළ බවයි අපට වාර්තා වුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!