ඉන්දියාවේ ජනප්‍රිය නිළියක් වන ප‍්‍රියංකා චොප්රා ඇමරිකාවේ නිෂ්පාදිත හාර්ලි ඩෙවිඩ්සන් නැමැති යතුරු පැදියක් මිලදී ගෙන මේ දිනවල පාවිච්චි කරන බව අපට දැන ගන්න ලැබුණා.
එය රෝස පැහැති බවද ඇය විසින් ඇගේ ඉන්ස්ටග‍්‍රෑම් වෙබ් පිටුවේ සඳහන් කර තිබෙනවා.
මේ දිනවල “මාරි කොම්” නමැති චිත‍්‍රපටයේ රූගත කිරීම් සඳහා ඇය යන්නේ මෙම වාහනයේ බවද අපට දැනගන්න ලැබුණා.
මින් ඉහත ප‍්‍රියංකාගේ ස්ටාර්ලට් ප්‍රොෂේ, රෝල්ස් රෝයිස් හා බෙන්ස් වාහන ගැන බොලිවුඞ් සඟරා කතාබහකර තිබුණ අතර ඔවුන්ට අලුතින්ම සැපයූ ආරංචිය ඇගේ හාර්ලි ඩෙවිඩ්සන් බයික් එකයි.
