බොලිවුඩ්

ලිංගික යෝජනා ගෙනා අධ්‍යක්ෂකට කණේ පාරක්….

පසුගිය දිනවල ලාංකාව තුළ රංගන ගීල්පිණියන්ගෙන් ලිංගික අල්ලස් ගැනීම්  සම්බන්ධයෙන් පුවත් සමාජයපුරා කතාබහට ලක් වුණානේ‍.

ලිංගික අල්ලස් සම්බන්ධයෙන් මෑත කාලයේදී  කතාබහට ලක් වුණේ ලංකාවේ ඉන්න ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙකු විසින් නවක රංගන ශිල්පිණියන් වන ලක්ෂිකා හා නිශානි යන දෙදෙනාගෙන් ලිංගික අල්ලස් ඉල්ලු බවට එම නිළියන් දෙදෙනා විසින් මාධ්‍ය වෙත හෙළිදරව්වක් කරීමයි‍.

මේ අතර මේවැනි ලිංගික අල්ලස් ලබාගැනීමට ගොස්  සිදු වූ අකරතැබ්බයක් පිළිබඳව අපූරු කතාවත් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

ඒ තමයි ඉන්දියාවේ ඉන්න ප්‍රවිණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන සුභාෂ් කපූර් විසින් නිළියකට ලිංගික අතවරයක් කිරීමට ගොස් වෙච්ච සිදුවීමක් ගැනයි.

සුභාෂ් කපූර් ලිංගික අල්ලස් ගන්න හදලා තියෙන්නේ වෙන කාගෙන්වත් නෙවෙයි ගීතිකා ත්‍යාගි කියන දක්ෂ සහ ජනප්‍රිය නිළියකගෙන්.

ඒ චිත්‍රපට රූපගත කිරීමක් අතරතුරේදී තමයි  සුභාෂ් කපූර් විසින් ගීතිකා ත්‍යාගිගෙන් ලිංගික අල්ලස් ඉල්ලා තියෙන්නේ.

ඒ වෙලාවේ   ඇය එයට අකමැත්ත පළ කරලා චිත‍්‍රපටයෙන් ඉවත් වෙලාත් තිබෙන බව ආරංචි වෙනවා.

ගිතිකා එතනින් නතර වෙන්නේ නැතුව   අධ්‍යක්ෂකවරයාත් ඔහුගේ බිරියත් සිටින චිත‍්‍රපට රූගතකරන ස්ථානයකට තම පෙම්වතාද සමඟ කඩාවැදී සිදු වූ සිද්ධිය  ගැන ප‍්‍රසිද්ධියේ කරුණු විමසලා.

අදාළ  කතාබහ අතරතුරේදී ගිතිකා විසින්  අධ්‍යක්ෂකගේ කණට පහරකුත් ගහලා. මේ සිද්ධිය ගිතිකා රහසිගතව වීඩියෝ කරන්න තවත් පුද්ගයෙක් යොදවල.

ඒ අවස්ථාවේදී සුභාෂ් කපූර් ගිතිකාට ලිංගික අතවරයත් කිරීමට තැත්කළ බවට සිය බිරිඳ ඉදිරියේ පිළිගන්නක් සිදුවෙලා.

එතනින් නොනැවතුණු ගීතිකා  හොර රහසේ වීඩියෝ කළ දර්ශන මේ වන විට  අන්තර්ජාලයට මුදාහැරලත් තියෙනවා.

 

 

 

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!