Gossip

පල්ලියට ගිහින් යාඥා කරන්න ඇස් දෙක පියා ගත්තා විතරයි…ඒත් එක්කම එකපාරටම ගින්දරක් ඇවිත් මහා ශබ්දයක් එක්ක මම උඩින් ගිහින් එළියට විසිවුනා

පසුගිය පාස්කු ඉරිදා මෙරට සිදුවූ පිපිරීම්වලින් සමහර පවුල්වලින් මේවනවිට එක් අයෙක්වත් ජීවත් වන්නේ නැහැ. සමහර පවුල් වල එක් අයෙක් හෝ දෙන්නෙක් ඉතුරු වෙලා අනිත් අය ජීවිතයෙන් සමුගෙන ගිහින්. මෙරට අය පමණක් නොව මෙරටට පැමිණි විදේශිකයන්ටත් අත්වූයේ ඒවගේ ඉරණමක්. ඉතින් අපි මේ කියන්න යන්නේ මෙවන් ඉරණමක් අත්වූ පුද්ගලයෙක් ගැන ජාතික පුහුණු කිරීමේ නිළධාරිණී පුෂ්පා රම්‍යානි දැමූ ෆේස්බුක් සටහනක් ගැන.

මම වෙනදට දෙවියන් වදින්න යන්නේ වෙන පල්ලියකට..
ඒත් පාස්කුනේ! ඒ නිසා මමයි තාත්තයි, අම්මයි , අක්කයි ඔක්කොම කොච්චිකඩේ ගියා..
දමිල ඔහු කැඩිචච් සිංහලෙන් සෙමින් .. සෙමින් කියා සිටියා..
ඊට පස්සෙ මොකද වුණේ? මම ඇසුවා

මම පල්ලියට ගිහින් යාඥා කරන්න ඇස් දෙක පියා ගත්තා විතරයි…
ඒත් එක්කම
එකපාරටම ගින්දරක් එක්ක මහා ශබ්දයක් එක්ක මම උඩින් ගිහින් එළියට විසිවුනා..

මට සිහිය තිබුණා. මම නැගිටින්න බැලුවා. එකකොටයි දැනගත්තෙ මගේ කකුල කැඩිලා කියලා .

හැමෝම හැම තැනම දුවනවා. මට යන්න බැරි නිසා මම එතනම හිටියා. ඒත් කවුරු හරි ඇවිල්ලා මාව පල්ලියෙන් එළියට තිබ්බා..

ඊටත් ටික වෙලාවකට පස්සේ කව්රු හරි මාව ට්‍රයිෂෝ එකකින් හොස්පිටල් ගෙනාවා.

දැන් කොහොමද සනීපද? මා ඇසුවා
හා ෂනීපයි. මද සිනහවකින් ඔහු පැවසුවා..

එතකොට පවුලෙ අනික් අය? මම විමසුවා

ඒ ගොල්ලො වෙන හොස්පිටල් එකකනේ, යැයි පවසා ඔහු ජනේලයෙන් පාර බලන් සිටියා.. ඔවුන් කවදා හෝ එන පෙර මග බලන නියායෙන්..

නමුත් ඔහුගේ දයාබර පියා, මව සහ සහෝදරිය එදින ඔහුව තනිකර ස්වර්ගස්ථ වූ බව දන්නේ අප පමණය..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!