ධාවනය වෙමින් තිබූ අත්ට්රැක්ටර් රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී යෑමෙන් සිදුවු අනතුරක් පිළිබඳ මේ දිනවල සමාජ වෙබ් අඩවිවල දක්නට ලැබෙනවා.
පුද්ගලයින් සිව් දෙනෙක්, කාන්තාවක් හා කුඩා ගැහැණු දරුවෙක් මෙම අත්ට්රැක්ටර් රථයේ ගමන් ගන්නා අතර, ටික දුරක් යන රියදුරාගේ අතින් හැඩලය ඉවත්ව යන ආකාරය සී.සී.ටීවි කැමරාවක සනිටුහන්ව තිබුණා.
පසුව ඔහු හා තවත් පුද්ගලයෙක් අත්ට්රැක්ටරයෙන් ඉවත පැන එය නවතා ගැනීමට උත්සහ ගන්නා අතර, මාර්ගයේ වට කීපයක් අත්ට්රැක්ටරය ඉතා වේගයෙන් කැරකෙමින් තිබුණා.
පසුව එහි සිටි අනෙක් පිරිමි පුද්ගලයින් දෙදෙනාද අත්ට්රැක්ටර් රථයෙන් ඉවතට පැන දිවි බේරා ගෙන තිබෙනවා.
නමුත් කාන්තාව හා කුඩා දරුවා බේරා ගැනීමට ඔවුන්ට හැකියාවක් නොලැබුණු අතර, පසුව අත්ට්රැක්ටරය මාර්ගයෙන් ඉවතට පැන ප්රාපතයට පෙරළී යන ආකාරය එම දර්ශනවල සනිටුහන්ව තිබුණා.
මෙය කටුවන, හිඟුරකන්ද, මැටිඅත්ත වංගුව ප්රදේශයේ පසුගිය දා සිදුව ඇති අතර, ඉන් පසුව අනතුරට ලක්වු කාන්තාව හා දරුවා තුවාල ලබා රෝහල් ගත කර සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ.
දරුවාගේ හිසට තුවාල සිදුව ඇති අතර, කාන්තාවගේ සුළු සීරීම් තුවාල දැකිය හැකි බව ද වාර්තාවනවා.
අනතුර හේතුවෙන් අත්ට්රැක්ටරයට දැඩි අලාභානි සිදුව තිබෙනවා.
ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට නොහැකිව සිදුවු මෙම අනතුර ඉතා සංවේදී අවස්ථාවක් ලෙස සමාජ වෙබ් අඩවිවල සංසරණය වෙමින් තිබෙනවා.
